Monday, July 27, 2015

කෑමෙන් කොලෙස්ටරෝල් අඩු කර ගනිමු

කෑමෙන් කොලෙස්ටරෝල් අඩු කර ගනිමු





සිරුරේ කොලෙස්ටරෝල් ප්‍රමාණය, Statins නමින් හැඳින්වෙන ඖෂධය මගින් අඩු කෙරේ.
නමුත් අප ගන්නා ආහාරවල වෙනසක් කිරීමෙන් කෙතෙක් දුරට කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කර ගත හැකිද ?බ්‍රිතාන්‍ය ජනතාවගෙන් 60% ක පමණ සිරුරේ සාමාන්‍ය කොලෙස්ටරෝල් ප්‍රමාණය සාමාන්‍ය මට්ටමට වඩා වැඩියි.ඔවුන්ට Statins ඖෂධය පාවිච්චි කිරීමට උපදෙස් ලැබේ.නමුත් මෙම ඖෂධය පාවිච්චියෙන් අතුරු ආබාධ ඇති වන නිසා බොහෝ දෙනෙක් ඒවා දිගු කාලීනව භාවිතා කිරීමට අකමැතියි.ලන්ඩනයේ 'කිංග්ස් කොලේජ්' විශ්ව විද්‍යාලයේ ආචාර්ය ස්කොට් හාඩින්ග් ගේ සහය ඇතිව කුඩා අධ්‍යනයක් ආරම්හ කළේ ඖෂධ භාවිතා නොකොට කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කර ගත හැකි ආකාරය සොයා බැලීමට.
ඒ සඳහා හතළිස් දෙදෙනකු ස්වේච්චාවෙන් සහභාගී වූ අතර ඔවුන් සියලු දෙනාම කොලෙස්ටරෝල් පිළිබඳව අවධානයකින් පසුවූ අතර ඖෂධ භාවිතා නොකොට කුමක් කළ හැකිද යන්න පිළිබඳව උනන්දුවක් දැක්වූ අයයි.
 
ලේ සාම්පල


මුලින්ම කළේ ඔවුන්ගේ ලේ සාම්පල ගෙන පරීක්ෂා කිරීමයි.
කොලෙස්ටරෝල් බොහෝ ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙන්නේ අක්මාව තුළ.
ඉන් අනතුරුවයි සිරුරේ අවශ්‍ය සෛල කරා ඒවා ඇදී යන්නේ.
ඔවුන්ගේ ලේ සාම්පල ලබා ගැනීමෙන් පසු ආචාර්ය ස්කොට් හාඩින් විසින් මේ පිරිස කණ්ඩායම් තුනකට වෙන් කරන ලදී.
ඔවුන් තෝරා ගන්නා ලද්දේ අහඹු ලෙසයි.




ඉන් පසු එක් එක් කණ්ඩායමට තම ආහාර වේල් වෙනස් කරන ලෙසට උපදෙස් ලැබුණි.
පළමු කණ්ඩායමට උපදෙස් ලැබුනේ සාම්ප්‍රදායික කොලෙස්ටරෝල් අඩු ආහාර වේලක් ගන්නා ලෙසට.එනම් සම්පූර්ණ මේදය සහිත කිරි හා චීස්, සහ බටර් ආහාර වෙනුවට එළවළු සහිත ආහාර.බිත්තර, බේකන් සහ සොසේජ් අනුභව නොකරන ලෙසට සහ සම රහිත කුකුළු මස් ආහාරයට ගන්නා ලෙසටයි උපදෙස් ලැබුණේ.ආචාර්ය ස්කොට් හාඩින් දෙවැනි කණ්ඩායමට පැවසුවේ සියලු ආහාර අත්හැර දිනකට, වේල් තුනකට සරිලන සේ ඕට්ස් ධාන්‍යය ග්‍රෑම්ස් 75 ක් ගන්නා ලෙසයි.ඕට්ස් කෙඳි සහිත ආහාරයක් වනවා සේම ධාන්‍ය හෝ බෝංචි සහ පරිප්පු වැනි භෝග වර්ග මෙන්ම එළවළු මගින් ද සිරුරේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කෙරේ.එය සිදු කෙරෙන්නේ බඩ වැලේ ඇති මේදය සහ කොලෙස්ටරෝල් හා එක්ව ක්‍රියා කිරීමෙන් ඒවා උරා ගැනීමට ඉඩ නොදීම මගින්.තුන්වැනි කණ්ඩායමට උපදෙස් ලැබුණේ සාමාන්‍ය ආකාරයෙන් ආහාර ගන්නා ලෙසටයි.නමුත් එම ආහාරවලට ඇල්මන්ඩ් ග්‍රෑම්ස් 60 ක් එක් කරන ලෙසටත් උපදෙස් ලැබුණි.




මෑතක කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ ආමන්ඩ්, වෝල්නට්, හේෂල්නට් වැනි ඇට වර්ග වලින් කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කෙරෙන බවයි.
ශාක ඇට වර්ග කෙඳි වලින් බහුලයි එමෙන් ශාක සාර ද කොලෙස්ටරෝල් අවශෝසනය කිරීම අඩු කරයි.

ආහාර වට්ටෝරු

ස්වේච්ඡාවෙන් මෙම පර්යේෂණයට ඉදිරිපත්වූ හතළිස් දෙදෙනා මෙම ආහාර වට්ටෝරු ද රැගෙන සති හතරක් ඒවා අත් හදා බැලීම සඳහා පිටත් කර යවන ලදී.
එහෙත් අපේක්ෂිත ප්‍රතිඵලය බලාපොරොත්තු වූ තරම් සාර්ථක නොවීය.
නමුත් ආමන්ඩ් ආහාර වේලට ඇතුළත් කළ කණ්ඩායම සතුටුදායක ප්‍රතිඵල අත් කර ගෙන ඇති බව ආචාර්ය ස්කොට් හාඩින්ග් පෙන්වා දුන්නේය.




“එක් පුද්ගලයෙකුගේ කොලෙස්ටරෝල් ප්‍රමාණය සියයට 18 කින් අඩු වී තිබුණා. අනිත් පැත්තට තවත් අයගේ තත්වය නරක අතර හැරී තිබුණා,”ඔහු පැවසුවේය.
ඕට්ස් වැනි කැඳ වර්ග ගත් පිරිස සහ සම්පූර්ණ මේදය සහිත කිරි හා චීස්, සහ බටර් ආදියෙන් තොර ආහාර ගත් කණ්ඩායම් වල කොලෙස්ටරෝල් ප්‍රමාණය පිළිවෙළින් 10% සහ 13% වශයෙන් අඩුව තිබෙනු දක්නට ලැබුණි.මෙයින් පෙනී යන්නේ ආහාර වේලේ සාමාන්‍ය වශයෙන් කෙරෙන වෙනස්කම් මගින් කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කර ගත හැකි බවයි.
Statins, ඖෂධ මගින් ලබා ගන්නා ප්‍රතිඵලය ලබා ගැනීම පිණිස එකිනෙකට වෙනස් ආහාර පිලිවෙත් අනුගමනය කිරීම උත්සාහ කොට බැලිය යුතුයි.ආහාර වේලේ වෙනස්කම් කිරීමට පෙර ලේ සාම්පලයක් ගෙන බලා පසුව එය සසඳා බැලීමෙන් ඒ පිළිබඳ අවබෝධයක් ඈති කර ගැනීම වඩාත් සුදුසු බවයි පර්යේෂකයන්ගේ උපදේශය.

උපුටා ගැනීමකි,
http://www.elakiri.com/forum/showthread.php?t=1689225
Reply With Quote

Monday, July 20, 2015

Life Story Of Arnold Schwarzenegger- Part 7




















බොඩි බිල්ඩින්ග් කරන අපි දන්නවා ආර්නොල්ඩ් ස්වාසනෙගර්  කියන්නේ කවුද කියලා.ආර්නොල්ඩ් ස්වාසනෙගර්  කියන්නේ බොඩිබිල්ඩින්ග් ඉතිහාසයේ Legend එකක් .මේ කොටස් වශයෙන් පලවෙන ඔහුගේ ජීවිත කතාවයි


Part 7


නිවාඩුවට පස්සෙ විලී මාව වියෙනා වල තිබ්බ World Weight Lifting Championship කියන තරගයට එක්කන් ගියා.අපි ගියේ කට්ටියක් එක්ක කාර් එකක .පැය 4ක් විතර ගියා අපේ ගමේ ඉදලා වියෙනා වලට යන්න.කොහොමින් හරි ඒ තරඟය  ඉවරවෙන්න කලින් අපිට යන්න පුලුවන් උනා .අපි එතනට යද්දි තරගයේ අන්තිම ශෝ එක පටන් ගත්තා විතරයි. සුපිරි බර උසුලන්ගේ ඉවෙන්ට් එක තමයි තිබ්බෙ.ඒ තරගයේ ජයග්‍රාහකයා උනේ රුසියාවෙන් ආපූ Yuri Vlasov කියන කෙනා.ඒ කිලෝ 190.5 උස්සලා .මිනිස්සු 1000 වැඩිය ඒහෝල් එකේ හිටියා ඒ ඔක්කොම කෑ ගහගෙන  යූරි බර උස්සනවා බලන් හිටියා.ඒ ඉවෙන්ට් එක අතරතුර තමයි  බොඩිබිල්ඩින්ග් තරගය තිබ්බෙ .එදා තමයි මන් මුලින්ම බොඩිබිල්ඩර්ස් ලව දැක්කෙ .මුලින්ම මිනිස්සු ඇඟ පුරාම ඔයිල් ගාගෙන පෝසින්ග් කරනවා දැක්කෙ .තරගය ඉවර උනාට පස්සෙ අපි ස්ටේජ් එක පිටිපස්සට ගියා.මම තාමත් දන්නේ නෑ අපි කොහොමද එතනට ගියේ කියලා .මන් හිතන්නේ කාගේ හරි සම්බන්ධ කමක් නිසා වෙන්න ඇති කියලා .

ඒක ඇත්තටම කියන්න බැරි අමුතු හැගීමක් .මට අවුරුදු 13 වෙනකොට මේ කිසි දෙයක් මට දැනුනේ හිතුනේ නෑ .ඒත් අවුරුද්දකට පස්සෙ හැම දේම ඉබේම වෙන්න පටන් ගත්තා .මට ශක්තිමක් වෙන්න ඔනේ කියලා මට හිතුනා .මට ඒ ගැන හිතුනේ හර්කියුලීස්  චිත්‍රපටිය බැලුවට  පස්සෙ .මම ඒ ෆිල්ම් එකේ හිටපු නලුවගෙඇඟ ගැන පිස්සු වැටිලා හිටියෙ .මම ඒ ගැන විලීට කිව්වම විලී කිව්වේ ඒ Mr.Univers තරඟය  දිනපු Reg park කියන කෙනා කියල.ඒ වගේම මම  Kurt Marnul ගැන ලියපු රචනාව  ගැන විලීට කිව්වම ඔහු කිව්වෙ ඒ Kurt Marnul කියන කෙනා එයාගෙ  යාලුවෙක් කියලා .දවස්  කීපයකට පස්සෙ මට විලී කතාකරලා කිව්වා ඔයා රචනාව ලියපු Kurt Marnul අද අපේ විලට එනවා කියලා .මම ඒ වෙනකම් මගේ යාලුවොත් එක්ක වෙනදා වගේම විලේ පීනුවා මඩ සෙල්ලම් කලා .

Kurt Marnul හවස් වෙද්දී ලස්සන කෙල්ලෙක් එක්ක විලට ආවා .එතකොටත් ඔහු දාගෙන හිටියේ අර පත්තරේ හිටියා වගේ කලු කන්නාඩි දෙකක් .ඇඳුම ඇඳගෙන ආවට පස්සේ අපි දැක්ක දෙයින් අපි උඩ ගියා .මන් ඒ වෙනකන් ඒ වගේ විශාල මසල් පිරිච්ච ඇඟක් දැකලාතිබ්බේ නෑ .ලොකු  අත් ,උරහිස් ඒ වගේම හොඳට කැපිල වෙන් උන ඇබ්ස්  ඒවා  Kurt Marnul සුපර් මෑන්ගෙ තත්වෙට ගෙනත් තිබ්බා .ඒ වගේම ඔහුත් එක්ක ආව කෙල්ලත් බිකිනි එක  ඇන්දම  ඇග ගොඩක් ලස්සනට තිබ්බා .Kurt Marnul දිගටම විලට එන්න පටන් ගත්තා ඒ ආවෙත් එක එක කෙල්ලො එක්ක .ඔහු හොදට අපිට සැලකුවා ,ඒ වගේම ඔහු දැනගෙන හිටියා මායි මගෙ යාලුවගෙයි  දේව රූපය වගේ ඉන්නෙ එයා කියලා .

මට විලී  Karl Gerstl කියන එයාගෙ අලුත් යාලුවෙක් අදුන්වලා දුන්නා .Karl මට වැඩියඅවුරුදු කීපයක් වැඩිමහල් කෙනෙක් .ඒත් අපි දෙන්නා හම්බෙලා ටික කාලයකට පස්සෙ මට කාල්ගෙ වෙනසක් පෙනුනා .හරියට මසල් ටිකක් හැදිලා වගේ .ඉතින් මන් aඇහුවා ඔයා සෙල්ලම් කරනවද කියලා .කාල් කිව්වා 'ඔවු මන් සෙල්ලම් කරනවා හැබැයි මන් Chin ups ව්‍යායාමයයි  Sit up ව්‍යායාමයි  දවසට 100 ගානේ කරනවා .හැබැයි එච්චරයි මන් දන්නේ කියලා '.මම ඔහුට කිව්වා මායි විලීයි එක්ක හැමදාම ට්‍රේනින්ග් එකට එන්න කියලා .






ආර්නෝල්ඩ් කාර්ල්,විලී,හා හැරී සමග වයස  16 දී .




Kurt Marnul අපිට ව්‍යායාම කරන්න කියලා දුන්නා .ටික කාලයක් යද්දී විලීගෙ යාලුවෝ කීප දෙනෙකුත් Kurt Marnul ජිම් එකේ කීප  දෙනකුත්  එකතු උනා .ඒ ඔක්කොම මට වැඩිය වැඩිමල් අය .එතන හිටපු වැඩිමල්ම කෙනාට වයස අවුරුදු  40 ක් .එයාගේ නම' මුයි''.ඔහු තරුණ කාලෙදි හොද පොරබදින්නෙක්( Wrestler) ඒ වගේම Kurt Marnul වගේම උපාධිධාරීයෙක් .මුයි විශ්වවිද්‍යාලයේ උගන්නපු නිසා ජීවත් උනේ රජයෙන් දුන්න ගේක .මුයි ගේ පඩිය දුන්නෙත් රජයෙන් .ඒ වගේම හොදට ඉන්ග්‍රිසි කතාකරන්න ඒ වගේම ලියන්න කියවන්න පුලුවන් උන නිසා අපේ කන්ඩායමට  මුයි නැතුවම බැරි උනා .ඔහු තමයි අපේ කන්ඩායමට බොඩිබිල්ඩින්ග් ගැන තිබ්බ සඟරා වගේම ඇමරිකාවෙ නිකුත් කරපු  Playboyසඟරාව අපිට පරිවර්තනය කරලා කියෙව්වෙ .














Monday, June 22, 2015

රට ඉඳි






රට ඉඳි







තේ බොනකොට කටගැස්මට කන රසවත් ආහාරයක් මතක් කරන්න කීවොත් විශේෂයෙන්ම මතක් වෙන පලතුරක් තමයි ”රට ඉඳි” කියන්නේ.තනි කෑමක් ලෙස වගේම පලතුරු සලාද, කේක්, රසකැවිලි සහ පුඩින් වර්ග වගේ ආහාර රසවත් කරන්නත් රට ඉඳි නැතිවම බැරි තරම්.පිටරට තරම් රසවත් රට ඉඳි අපේ රටේ හැදුණෙ නැති වුණාට ලංකාවට රට ඉඳි ආනයනය කිරීම ඉතාමත් ඉහළයි. එයට හේතුව තමයි ලංකාවෙ බොහෝ දෙනෙක් රට ඉඳි බහුල වශයෙන් භාවිත කිරීම.

මුස්ලිම් ජනතාව රාමසාන් උපවාසය අවසන් කර ආහාර ගැනීම ආරම්භ කරන්නේ රට ඉඳි ගෙඩියක් කාලා වතුර බීමෙන් පසුවයි. එයට හේතු කිහිපයක් තිබෙනවා. බොහෝ වේලාවක් බඩගින්නේ සිට ආහාර ගත් විට ඒක ශරීර සෞඛ්‍යයට අහිතකරයි. දරා ගන්න අපහසුයි. ඒ වාතාවරණය නැති කරන්න සුදුසුම දේ තමයි රට ඉඳි. ඒ නිසයි බොහෝ කලක් උපවාස කර ආහාර ගැනීමට පෙර මේ පලතුර ආහාරයට ගෙන වතුර වීදුරුවක් බී ආහාර ගන්නේ. එමඟින් අධික ලෙස ආහාර ගැනීමත් පාලනය කරනවා. රට ඉඳි කියන්නේ පුංචි කෑමක් වුණාට ඉක්මනින් බඩ පුරවන ආහාරයක්.
රට ඉඳිවල පවතින සුවිශේෂී ගුණයක් තමයි ක්ෂණිකව සිරුරට ශක්තිය ලබා දීමේ විශේෂ හැකියාවක් මේ ආහාරයේ පවතිනවා. ඒ නිසාම අඛණ්ඩව මහන්සි වුණු අයට (ගම හරහා දිවූ අවස්ථාවකදී) කෘත්‍රිම නිෂ්පාදන වෙනුවට රට ඉඳි මදුළු කිහිපයක් ආහාරයට දෙන්නත් පුළුවන්. එය ඉක්මනින්ම ශරීරයට උරාගෙන ක්ෂණික පෝෂණ ගුණයක් ලබා දෙනවා.

ඇත්තටම පොදුවේ ගත්තොත් රට ඉඳි කියන්නේ හොඳ ඖෂධයක්. ඛර්ජුරි, ඛර්ජුරිකා වැනි නම්වලින් දේශීය වෛද්‍ය විද්‍යාවේදී රට ඉඳි හඳුන්වනු ලබනවා. රට ඉඳි ප්‍රභේද හතරක් තිබෙනවා. ඒ හතර තමයි රාජ් ඛර්ජුරි, පිණ්ඩ ඛර්ජුරි, මධු ඛර්ජුරි සහ භූමි ඛර්ජුරි. මේ අතරින් භූමි ඛර්ජුරි කියන්නේ ලංකාවටම පමණක් ආවේණික ඉඳි විශේෂයක්. රට ඉඳිවලට වඩා තරමක් වෙනස් දම් පැහැති, රතු පැහැති ගෙඩිවලින් සමන්විත ලංකා ඉඳි දකුණේ මුහුදුබඩ ප්‍රදේශවල බහුල වශයෙන් දැකගන්න පුළුවන්. ගොරහැඩි කඩතොලු සහිත පුවක් ගහකට සමාන මේ ලංකා ඉඳි (භූමි ඛර්ජුරි) ගහේ ඉඳි සෑදෙන්නේ පොකුරු ආකාරයට. මේ ඉඳි වර්ගයත් රට ඉඳි හා සමානවම රසින් යුක්තයි.

රාජ ඛර්ජුරි, පිණ්ඩ ඛර්ජුරි ලංකාවට ගෙන්වන්නෙ අරාබියෙන්. මේවා බහුල වශයෙන් මසින් පිරුණු ගෙඩිවලින් සමන්විතයි. කෙසේ නමුත් පොදුවේ රට ඉඳි, ලංකා ඉඳි රසින් ගුණයෙන් සමන්විතයි. අරාබිකරයේ රෝපිත රට ඉඳි මේ වන විට ලංකාවේ මන්නාරම් ප්‍රදේශයේ සුළු වශයෙන් රෝපණය කර තිබෙනවා. ඒවා සාර්ථක ලෙස පල නෙළාගෙන තිබෙනවා. රට ඉඳි ගෙඩි, බොඩ (ගොබය), මුල් ඖෂධ පිණිස යොදා ගන්නවා. පොදුවේ ගත්තොත් රට ඉඳි කියන්නේ මල බද්ධයට ඉතාමත්ම සුවදායක ඖෂධයක්. රට ඉඳිවල තිබෙන කෙඳි ස්වභාවය නිසාම පහසුවෙන් මල පිට කිරීමේ ගුණයක් මේ ඔෟෂධයේ පවතිනවා. ඒ නිසාම මල බද්ධය පවතින රෝගීන් රට ඉඳි ආහාරයට ගන්නව නම් ඒ රෝගය සුව කරන්න ඉතාමත් ගුණදායකයි. රට ඉඳි සාමාන්‍ය ලෙස ආහාරයට ගන්නවට වඩා රට ඉඳිවල ඇට ඉවත් කර රැයක් ඇල් දියේ ගිල්වා උදේට ආහාරයට ගන්නව නම් මලබද්ධතාව සුව කරන්න එය ඉතාම ගුණදායකයි. මෙය දින කිහිපයක් උදෑසන කළොත් ඔබට පැහැදිලි වෙනසක් දැනේවි.

ඇතැම් පුද්ගලයන්ගේ බඩේ ආහාර දිරවීමේ අක්‍රමිකතා ඇතිවන්න පුළුවන්. එයට හේතුව දිරවීම පමා වීම. එවන් රෝගීන් රට ඉඳි ආහාරයක් ලෙස ගන්නව නම් ජීර්ණ පද්ධතිය ආශ්‍රීතව හටගත් සෑම රෝගයකටම ගුණදායකයි. ආහාර ජීර්ණ පද්ධතියේ අක්‍රමිකතා මඟහරවන්න වගේම ආමාශගත පිළිකා අවදානම වළක්වන්නත් රට ඉඳි ඉතාමත්ම ගුණදායකයි.

මෙහිදී විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණක් තමයි දියවැඩියා රෝගීන්ට රට ඉඳි වැඩි වශයෙන් ආහාරයට ගැනීම නම් සුදුසු නැහැ. ඒ පිළිබඳ සැලකිලිමත් වීමත් වැදගත්. රට ඉඳිවල පවතින පෝෂණ ගුණය ගත් විට ඉතා දුර්ලභ පෝෂණ ගුණ රැසකින් මේ ඖෂධය සමන්විතයි. විටමින්, කැල්සියම්, යකඩ, පොටෑසියම්, පොස්පරස් සහ කොපර් වැනි නිරෝගී දිවියකට අවශ්‍ය අති දුර්ලභ පෝෂ්‍ය පදාර්ථ ඖෂධීය පලතුරේ අන්තර්ගතයි. රට ඉඳිවල කැල්සියම් වැනි අනර්ඝතම පෝෂණ ගුණයන් අඩංගු නිසා එමඟින් ශරීරයේ අස්ථි ශක්තිමත් වෙනවා. බොහෝ දෙනකුට වයසත් සමඟ අස්ථි දිරාපත් වීම සිදු වෙනවා. එයට බාහිරව විවිධ කැල්සියම් ගන්නවට වඩා රට ඉඳි ආහාරයට ගැනීම යෝග්‍යයි. නමුත් දියවැඩියා රෝගය පවතින අයට මෙය නිර්දේශ කරන්න බැරි රට ඉඳිවල අධික ලෙස සීනි අඩංගු නිසයි.

සමහර පුද්ගලයන් ඉන්නවා ශරීරයේ බර ගොඩක් අඩුයි. එහෙම නැතිනම් ගොඩක් කෙට්ටුයි. බර වැඩි කර ගන්නත්, ඇඟ මහත් කර ගන්නත් රට ඉඳි ඉතාමත්ම ගුණදායක ඔසුවක්. දිනකට රට ඉඳි මදුළු 07ක් ආහාරයට ගන්නවා නම් එහෙමත් නැති නම් රට ඉඳි ඇට ඉවත් කරල මදුළු 07ක පමණ ප්‍රමාණයක් එළකිරිත් එක්ක දිනපතා බොනව නම් ශරීරයේ බර වැඩි කර ගන්නත්, ශරීරය මහත් කර ගන්නත් පුළුවන්.

ඒ වගේම කාර්යබහුලව රැකියා කරන කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම මුහුණපෑමට සිදුවන ගැටලුවක් තමයි ශාරීරික සහ මානසික වෙහෙසකාරී බව. එවන් පුද්ගලයන් දිනපතා රට ඉඳි මදුළු කිහිපයක් ආහාරයට ගන්නව නම් ඒ ගතිය මඟහැරෙනවා.

හෘදයාබාධ කියන්නේ අද වන විට සමාජයේ මුල් බැසගත් වේදනාකාරී අර්බුදයක්. වැලැඳුණු හෘදයාබාධ සුව කරන්නත්, හෘදයාබාධ වැලැඳීමේ අවදානම නැති කරන්නත් සුදුසුම ඔෟෂධීය ආහාරයක් තමයි රට ඉඳි. සතියකට දෙවරක් වත් රට ඉඳි මදුළු කිහිපයක් ආහාරයට ගැනීමෙන් වැලඳුණු හෘදයාබාධ සුවතට ගන්නත්, හෘදයාබාධ වැලැඳීමේ ප්‍රවණතාව මඟහරවන්නත් පුළුවන්. ඒ වගේම අංශභාගය දක්වා ඇතිවන බලපෑමත් රට ඉඳි කෑමෙන් වළක්වා ගන්න පුළුවන්.

ශරීරයට ඇතුළු වන විවිධ විස වර්ග නැති කරන්නත් රට ඉඳිවලට පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් බොහෝ දෙනෙක් හිතාමතාම ශරීරයට ඇතුළු කර ගන්නා මද්‍යසාර විස නිසා අක්මාවේ රෝග ඇතිවනවා. මානසික විකෘතිතා ඇති වෙනවා. එවන් රෝගීන්ට ආයුර්වේදයේ අගනා ඔෟෂධයක් නිර්දේශ කර තිබෙනවා. එය නමින් ”ඛර්ජුරාදි මන්තය” ලෙසින් හඳුන්වනවා. අධික ලෙස මත් වුණු අයගේ මත් බව නැති කරන්නත්, අක්මා රෝග සුවපත් කරන්නත් මේ ඔෟෂධය ඉතා ගුණදායකයි. ඛර්ජුරාදී මන්තය සාදාගන්නෙ මෙහෙමයි. ඇට ඉවත් කරන ලද රට ඉඳි, දෙළුම් ඇට, මුද්දරප්පලම්, රට ගොරකා මද (කහ පැහැති ගොරකා මද), සියඹලා, නෙල්ලි, උගුරැස්ස සමව ගෙන හොඳින් කපා ඒ වගේ හතර ගුණයක් වතුර මිශ්‍ර කර හොඳින් බ්ලෙන්ඩර් කරන්න. බ්ලෙන්ඩර් කර හොඳින් පෙරා අධික මත් බවින් ඉන්න අයට ඒ පානය (ඛර්ජුරාදි මන්තය) බොන්න දෙන්න. ඉක්මනින් වෙරි මත බහිනවා. බීම නිසා අක්මාවේ ඇතිවුණු විස තත්ත්වයන් මඟහරවන්නත් මේ රසවත් ඖෂධීය පානය ගුණදායකයි. නමුත් එකක් මතක තබා ගත යුතුයි. මද්‍යසාර බිබී ඛර්ජුරාදි මන්තය පානය කිරීමෙන් නම් කිසිම පලක් වෙන්නෙ නැහැ. මද්‍යසාර වෙනුවට ඛර්ජුරාදි මන්තය බොන්න. එය ශරීර සෞඛ්‍යයටත් හොඳයි. හානිදායකත් නැහැ.

පිළිකා නාශක ගුණයක් පවා රට ඉඳිවලට ලැබී ඇත්තේ මෙය ස්වාභාවික ශාකසාර ඖෂධයක් නිසයි. මේ ශාකසාර ඔෟෂධීය ගුණ නිසාම සම පැහැපත් කරන්නත් සම නිරෝගී කරන්නත් රට ඉඳි ඉතාමත් ගුණදායක ඖෂධයක්. පැහැපත් සමක් ලබන්න ඔබ කළ යුත්තේ දිනකට රට ඉඳි මදුළු හතක් බැගින් දිනපතාම රට ඉඳි ආහාරයට ගැනීම පමණයි. සති කිහිපයකදී ඔබට ඔබේ සමේ පැහැදිලි වෙනසක් අත්විඳින්න පුළුවන් වේවි.

හිසරුජාව, ආහාර අරුචිය ආදී විවිධ අවස්ථා නිසා ඇතැම් විට වමනය තත්ත්වයන් හට ගන්න පුළුවන්. එවන් අවස්ථාවකදී රට ඉඳි මදුළු කිහිපයක් අරගෙන ඇට ඉවත් කර මුට්ටියකට දමා එයට වතුර කෝප්ප හතරක් මිශ්‍ර කර පත එකට සිඳුවා හොඳින් පෙරා බීමට ගන්න. වමනය යෑම වළක්වන්න වගේම මේ ඔෟෂධීය කෂාය බඩඑළිය යෑම වළක්වන්නත් ගුණදායකයි.

විජලනය හෙවත් ශරීරයේ ජලය නැති වීමේ රෝගය වැළැක්වීමටත් රට ඉඳි ගුණදායකයි. සිරුරේ තෙතමනයක් නැති වීම හරහා මෙම තත්ත්වය හට ගන්න පුළුවන්. එවන් රෝගීන් දිනපතා රට ඉඳි ආහාරයක් ලෙස ගන්නව නම් විජලනයෙන් මිදෙන්න පුළුවන්. ඒ වගේම කුඩා දරුවන්ටත්, ගැබිනි මාතාවන්ටත් මෙය හොඳ ඔෟෂධයක්. දරු ප්‍රසූතියකට සූදානම් වන ගැබිනි මවුවරුන්ගේ ගර්භාෂ මාංස පේශි ශක්තිමත් කිරීමට දිනපතා රට ඉඳි කෑම හරහා පුළුවන්. ඒ වගේම දරු ප්‍රසූතියකින් පසුව මවුවරුන්ගේ කිරි වර්ධනය කරගන්නත් රට ඉඳි ආහාරයට ගැනීම ගුණදායකයි.

තද අව්වක ගියොත් බොහෝ දෙනකුට හිසරදයක් හට ගන්නවා. සමහර විට ආහාර ක්‍රමවේදයේ ගැටලු නිසාත් මෙවන් තත්ත්ව ඇති වෙනවා. මේ වගේ අවස්ථාවකදී උළුහාල් ස්වල්පයකට වතුර පත හතරක් දමා එය පත එකක් වන සේ සිඳගෙන කෂාය සාදා ගන්න. ඒ කෂායට රට ඉඳි මදුළු කිහිපයක් තළා දමා (ඇට ඉවත් කර) හොඳින් මිශ්‍ර කර බීමට ගන්න. හිස රුජාවට මේ ඔෟෂධීය පානය ඉතාමත්ම ගුණදායකයි.

දෙබර, බඹර, මී මැසි වැනි සත්ත්ව දෂ්ටනවලදී රට ඉඳි ඇට හොඳින් කුඩු කර ඒ දෂ්ටනය වුණු ස්ථානයේ ගාන්න. එමඟින් විෂ නාශනය වීමක් වෙනවා. ඒ වගේම රට ඉඳි ඇට වියළා කබලේ බැද (කෝපි ඇට මෙන්) හොඳින් කුඩු කර දිනපතා උදේ සවස කෝපි වගේ බීමෙන් පෙර සඳහන් කළ සෑම රෝගයකටම සුවයක් ලබන්නත්, රෝග වැලඳීමේ අවදානම නැති කරන්නත් එයින් පුළුවන්. ඒ වගේම මේ ඔෟෂධීය පානය ඉතාම රසවත්. සන්ධි ආශ්‍රිත වේදනා ඇති අයටත් මේ පානය හොඳ වේදනා නාශකයක්.

මුත්‍රා පිට නොවීම, මුත්‍රා දැවිල්ල වගේ ආසාදන නිසා අද සමාජයේ බොහෝ දෙනෙක් අපහසුතාවට පත්ව සිටිනවා. එවන් පුද්ගලයන් හොඳින් උණු කර නටවා ගත් වතුර වීදුරුවකට රට ඉඳි මදුළු අටක් වගේ තළා දාලා බොන්න. හොඳින් මුත්‍රා පිටවෙන්නත්, මුත්‍රා දැවිල්ල සමනය වෙන්නත්, වකුගඩු මුත්‍රා ගල් දියවීමටත් එය ගුණදායකයි.

ඛර්ජුර; එහෙම නැතිනම් රට ඉඳිවලින් ඉන්දියාවේ අගනා ඖෂධයක් නිෂ්පාදනය කරනවා. එහි නම ”වාරුනී”. මේ බෙහෙත අරිෂ්ට, ආසව වගේ බෙහෙතක්. විවිධ රෝගාබාධවලට ප්‍රතිකාරයක් ලෙස භාවිත කරනවා. තවත් වැදගත්ම කරුණක් තමයි තල් සහ රට ඉඳි මඟින් සාදාගත් ඖෂධීය පානයක් අතීතයේ මෙරට රජවරු පවා පානය කළ බවට ආයුර්වේද ග්‍රන්ථ සාක්ෂි දරනවා. තල් ගෙඩියේ පිට පොත්තෙන් ලබා ගන්නා ඉස්ම සහ රට ඉඳි පැසවලා තමයි මේ ඖෂධීය පානය සාදන්න පුළුවන්. පීනස, බඩ පිපුම, දරන්න බැරි ආර්තව වේදනාවටත් මෙය ඉතාම කදිමයි. අතීතයේ රජවරු පවා පානය කළ මේ ඔෟෂධීය පානය වර්තමානයේ ඉන්දියාවේ සාදන ”වාරුනී” ඔෟෂධය විය හැකි බවට සාධක පවතිනවා. වාරුනී කියන්නේ ආහාර රුචිය වැඩි කිරීමටත් භාවිත කරන ඖෂධයක්.

මෙතෙක් වේලා අපි කතා කළේ රට ඉඳි ඖෂධය ගැන. නමුත් ලංකාවෙ හැදෙන භූමි ඛර්ජුරි හෙවත් ලංකා ඉඳි පලතුරක් ඖෂධීය ගුණ සපිරි ශාකයක්. ලංකාවටම පමණක් ආවේණික ඉඳි ගහෙන් රා මැදීම සිදු කරනවා. මෙය ”රා” කී පමණින් මත් වීමට පෙරන රා වර්ගයක් කියා නම් සිතන්නට එපා. ඇත්තටම ඉඳි ගහෙන් පෙරන රා ශරීරයට ජවය, ශක්තිය ලබා දෙන ඔෟෂධීය පානයක්. ඒ වගේම මුත්‍රා පිට කිරීම වැඩි කරන්නත් මේ පානයට පුළුවන්. ඉඳි ගහේ කඳින් කපා තමයි රා පෙරීම සිදු කරන්නේ. අතීතයේ බොහෝ දෙනෙක් කාය ශක්තිය ලබන්නත් මේ ඔෟෂධීය පානය භාවිත කර තිබෙනවා.

අතීතයේ වගේම වර්තමානයෙත් සර්ප දෂ්ටනයකට ලක්වී සර්ප විෂ ශරීර ගත වී සිහිය නැති වුණු අයගේ සිහිය ලබා ගන්න බෙහෙත් ඔරු භාවිත කරනවා. ඒ බෙහෙත් ඔරුවලට ලංකා ඉඳි ගහේ ගොබ භාවිත කරනවා. එයට හේතුව තමයි සර්ප විෂ විනාශ කරන්න පුළුවන් සුවිශේෂී ඖෂධීය රසායන ගුණයක් මේ ඉඳි ශාකයේ පැවැතීම. ඒ වගේම ස්ත්‍රීන්ගේ ඇතිවන ආර්තව, රක්තප්‍රදර වැනි තත්ත්වවලදී ඉඳි බඩ (ඉඳි ගසේ ගොබ) අඹරා කල්කයක් ලෙස භාවිත කළොත් ඒ වේදනාවන්ගෙන් මිදෙන්නත් පුළුවන්. එය හඳුන්වන්නේ ”ඉඳබොඩ කල්කය” නමින්. ඒ වගේම පුරුෂයන්ගේ පෞරුෂ ග්‍රන්ථිය ඉදිමීමේ රෝග අවස්ථාවලදී ඉඳි බඩ යුෂ සමඟ වෙළෙඳපොළ් ඇති වජ්රශාර ඔෟෂධය පානය කළොත් ඒ රෝග තත්ත්වයෙන් මිදෙන්නත් පුළුවන්. වජ්රශාර කියන්නේ ර්ණී.ර්ථී.ච්. මට්ටමෙන් ගන්න පුළුවන් ලුණු වගේ ඖෂධයක්.

විවිධ උල්, කටු සහ කීරි වැනි දෑ කකුලෙ ඇනුණම අපිට දැනෙන්නෙ දැරිය නොහැකි වේදනාවක්. සමහර විට එය පැසවීමක් දක්වා දුර ඇදෙන්නත් පුළුවන්. එවන් කටුවක්, උලක් වැනි යමක් කකුලෙ ඇනුණොත් පෙරුම්කායන් සමඟ ඉඳි බඩ අඹරා ඒ ද්‍රාවණය උල ඇනුණ ස්ථානයේ ආලේප කරන්න. කිහිපවිටක් මෙය ආලේප කළොත් කටුව මතුපිටට ඇදී ඒමක් වෙනවා. තුවාලය ඉක්මනින් සුව කිරීමටත් එය ගුණදායකයි.

ඒ වගේම දත් කැක්කුම, දත් පණුවො කෑම, විදුරුමස් දියවීම ආදී මුඛාශි්‍රත රෝග සුව කරන්න කදිම ඔසුවක් තමයි ඉඳි ගසේ මුල් කියන්නේ. ඔබ කළ යුත්තේ ඉඳි මුල් තම්බා එමඟින් කට සේදීම පමණයි. දින කිහිපයක් මෙය කළොත් මුඛාශ්‍රිත රෝග සියල්ලක්ම සුවතට පත් වේවි.

ඒ වගේම උණ වැනි රෝග තත්ත්වවලදී කොතෙක් කෑම ගත්තත් කටට රස දැනෙන්නෙ නැහැ. කෑම අරුචියත් දැනෙනවා වැඩියි. එවන් අවස්ථාවලදී ඉඳි ගෙඩි සහ මුද්දරප්පලම් හොඳින් අඹරා කල්කයක් සාදාගෙන කටේ තබාගෙන ඉස්ම ගිලින්න. ඉන් පසු මොහොතකින් කෑම කන්න. කෑමවල රහ දැනෙනවා වගේම ඔබට ආහාර රුචියත් එමඟින් වැඩිවෙනවා.

ආයුර්වේදයේ ඉඳි යොදා සාදන තවත් කල්කයක් පවතිනවා. එහි නම ”ෂෂ්ටිකාදි ගුටිකාව”. මේ කල්කය එළකිරිත් සමඟ ආහාරයට ගත්තොත් වයසට යෑම පමා කරන්නත්, වයසට වඩා තරුණ පෙනුමක් ලබන්නත් පුළුවන්. සම රැලි වැටීම, කෙස් ඉදීම, ඇස් ගිලීම ආදී වයසට යෑමේ පූර්ව ලක්ෂණ මෙමඟින් පමා කරනවා. ෂෂ්ටිකාදි ගුටිකාව ඔෟෂධය ඔබට වෙළෙඳපොළෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම රට ඉඳි තළා කල්කයක් වගේ ආහාරයට ගෙන මොහොතකට පසු හැටදාඇල් හාල් බත් කන්න. දිනපතා මේ ආහාරය ගත්තොත් එමඟිනුත් ඔබට වයසට වඩා තරුණ පෙනුමක් ලබන්න පුළුවන්.

ආයුර්වේදයේ ”මධුර ත්‍රිපලා” නමැති කාණ්ඩය යටතට අයත් අගනා ඖෂධයක් වන රට ඉඳි සහ දේශීය ඉඳි විවිධ කෂාය, අරිෂ්ට සහ ආසව වර්ග සෑදීමට නැතිවම බැරි ඔෟෂධයක්. ශරීරය පුෂ්ටිමත් කිරීමට, කෑම රුචිය වැඩිවීමට සහ අජීර්ණය වැනි රෝග සුව කිරීමට ර්ණී.ර්ථී.ච්. මට්ටමින් පවතින ”ඛර්ජුරාසවය”, ”ඛර්ජුරාදි ලේහය” ආදී ඔෟෂධ රැසක මේ අගනා රට ඉඳි ඖෂධය අන්තර්ගතයි.

ඒ වගේම කාර්යබහුලව රැකියා කරන කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම මුහුණපෑමට සිදුවන ගැටලුවක් තමයි ශාරීරික සහ මානසික වෙහෙසකාරී බව. එවන් පුද්ගලයන් දිනපතා රට ඉඳි මදුළු කිහිපයක් ආහාරයට ගන්නව නම් ඒ ගතිය මඟහැරෙනවා.



Source --  http://www.elakiri.com/forum/showthread.php?t=1683304

Sunday, June 21, 2015

Life Story Of Arnold Schwarzenegger- Part 6




Part 6








මට මේ Kurt කියන කෙනාගේ සාර්ථකත්වයත් එක්ක හොඳ පෙළඹවීමක්  හිතුනා .ඒත් මට ඒකෙන් හිතුන අමුතුම දෙයක් තමයි ඇයි මේ කෙනා කන්නාඩි දාගෙන ඉන්නෙ කියන එක.ඒ කන්නාඩි හරියට පල්ලියෙ ඉන්න ෆාදර් කෙනෙක් සර් කෙනෙක් දාන වර්ගයේ ඒවා .ඒ ෆොටෝ එකේ තිබ්බේ Kurt  බෙන්ච් එකක නිදාගෙන එයාගේ පපුව උඩ ලොකු  බරක් තියාගෙන ඒත් අර කන්නාඩි  දෙක දාගෙන .මම පින්තුරේ දිහා බලාගෙන කල්පනා කලේ කොහොමද මේ ඉගෙන ගත්ත ප්‍රොෆෙසර් කෙනෙක් වගේ කෙනෙක් කිලෝ 190 පපුවට උඩින් උස්සගෙන ඉන්නෙ කියන එක .ඒක තමයි මම මගේ රචනාවේ ලිව්වෙ .
රචනාව ලිව්වට පස්සෙ අපි එක පන්තිය ඉස්සරහට ගිහින් කියවන්න උනා.මම රචනාව කිව්වම පන්තියෙම ලමයි මට හිනා උනා.ඒත් මම කල්පනා කලේ මිනිහෙක් මෙච්චර උගත් ඒ වගේම ශක්තිමත් කෙනෙක් වෙන්නෙ කොහොමද කියන එක .



ආර්නෝල්ඩ් කර්ට් මානුවල්  සමග  




මම ගෑනු ලමයින්ට කැමති වෙන්න ගත්ත නිසා මම කලින්ටත් වැඩිය මගේ ඇග ගැන හොදට සැලකිලිමත් උනා.මම ක්‍රීඩකයන්ගේ ඇඟවල් හොදට අධ්‍යයනය  කලා .කොහොමද ඒ අය සෙල්ලම් කරන්නෙ කොහොමද ඒ අයගෙ ඇඟවල් ක්‍රීඩාවට පාවිච්චි කරන්නේ කියලා .අවුරුද්දකට කලින් ඒ මොනවත්ම නෙමෙයි හැබැයි  දැන් ඒක තමයි හැම දේම .

පාසල ඉවර උනාට පස්සෙ අපි Thalersee පාර්ක් එකට ගියා .ඒක තමයි අපේ නිවාඩු කාලය පටන් ගන්න එකේ පාටි එක වගේ එක .ඒකට පස්සෙ අපි නිතරම වගේ පාර්ක් එකට ගියා .අපි ඒකේ පාපන්දු සෙල්ලම් කලා,මඩ වලින් ගහගත්තා .විලේ පීනුවා  ඒ වගේම මට ඉක්මනටම අලුත් යාලුවෝ ටිකක් හදාගන්න පුලුවන් උනා .හැබැයි ඒඅය ඔක්කොම වගේ බොක්සින් ක්‍රීඩකයො,රෙස්ලින්ග් ක්‍රීඩකයො ,ඒ වගේම අනිත් ක්‍රීඩකයො වගේ අය .මීට කලින් නිවාඩු කාලෙදි මට  ලයිෆ්  ගාර්ඩ් කෙනෙක්ව අදුනගන්න ලැබුනා .ඔහු  Willi Richer, ඔහු එයාගේ සහයකයා වගේ වැඩ කරන්න ඉඩ දුන්නා , විලී  හොද ක්‍රීඩකයෙක් .ඔහු වැඩ කරන්නේ නැති වෙලාවට මම ඔහුත් එක්ක ඉන්නවා .ඔහු ජිම් එක වගේ පාවිච්චි කලේ පාර්ක් එක .ඔහු චින් අප් ව්‍යායාමය කලේ ගස් වල එල්ලිලා .ස්කොට් ව්‍යායාම ඩිෆ්ස් ගැහුවෙ දූවිලි ගොඩේ .ඔහු පාර්ක් එකේ පාරවල් දිගේ දිව්වා .එක පාරක් ඔහු  මට බයිසෙප් එක පෝස් කරලා පෙන්නුවා ඇත්තටම  ඒක හොදටම තිබ්බා .

විලීගේහොඳ  යාලුවෝ දෙන්නෙක් හිටියා හොඳටම ඇඟ හදපු දෙන්නෙක් .අයියයි මල්ලියි .එක්කෙනෙක් විශ්වවිද්‍යාලයට යන කෙනෙක් අනිත් කෙනා ටිකක් බාල කෙනෙක්.එයාලා බර උසුලන ක්‍රීඩාව කරන අය .මම එයාලව හම්බෙන්න යනකොට ඒ දෙන්නා හිටියේ එකට ට්‍රේනින් කර කර .එයාලා ඇහුවා මට උත්සහ කරලා බලන්න ඕනෙ නම් ඒ අවශ්‍ය දේවල් ඔක්කොම කියල දෙන්නම් කියලා .අපි ආපහු විලී චින් අප්ස් ගහන්න 
පුරුදු වෙලා හිටපු ගහ ලගට ගියා .එතනදි එක්කෙනෙක් මගෙන් ඇහුවා ඇයි ඔයා නිකන් ට්‍රයි එකක් දාලා බලන්නේ නැත්තේ කියලා .මට ඒ ගහේ අත්ත අල්ලගෙන දෙපාරයි උඩට ඉස්සෙන්න පුලුවන් උනේ .mමගේ  අත් හයිය නැති නිසා මාව ලිස්සලා ගියා .විලී මට කිව්වා මේ නිවාඩු කාලෙම මට පුරුදු උනොත් ඒ ගහේ අනිවාර්‍යයෙන්ම චින් අප්ස් ව්‍යායාමය 10 සැරයකට වඩා කරන්න පුලුවන් වෙයි කියලා.ඒ වගේම මගේ ලැට් මසල් එක දෙපැත්තෙන්ම සෙන්ටිමීටර් එක ගානෙ ලොකු වෙයි කියලා .ඇත්තටම මට ඒක දැනුනෙ මන් ගැන කරපු වර්ණනාවක්  වගේ .ලැට් මසල් එක කියන්නෙ උරහිස් පතු වලට පහල තියන මසල් එක.මම පුදුම උනා එක ව්‍යායාමයකට මෙච්චර දේවල් කරන්න පුලුවන් කියලා .ඒ දවසින් පස්සෙ මම විලී එක්ක හැමදාම පාර්ක් එකේ ව්‍යායාම කරන්න පටන් ගත්තා .




Monday, June 15, 2015

Life Story Of Arnold Schwarzenegger- Part 5












බොඩි බිල්ඩින්ග් කරන අපි දන්නවා ආර්නොල්ඩ් ස්වාසනෙගර්  කියන්නේ කවුද කියලා.ආර්නොල්ඩ් ස්වාසනෙගර්  කියන්නේ බොඩිබිල්ඩින්ග් ඉතිහාසයේ Legend එකක් .මේ කොටස් වශයෙන් පලවෙන ඔහුගේ ජීවිත කතාවයි


Part 5


Hauptschule වල ඉන්න අන්තිම අවුරුද්දේ මට හොදටම මතක දේ තමයි බිම පාත් වෙලා කකුල් දෙකෙන් කන් වහගන්න එක .පරමාණු බෝම්බේ දැම්මට පස්සේ  තමයි මේ වැඩේ ගොඩක් කරන්න උනේ.සයිරන් එක ගැහුවට පස්සෙ අපේ පොත් වහලා ඩෙස් එක යටට රින්ගලා ඔලුව කකුල් දෙක අස්සෙන් තද කරලා තියාගෙන ඇස් පියාගෙන ඉන්න ඕනෙ.ඕනම පොඩි ලමයෙක් උනත් දන්නවා ඒක මහ එපාකරපු වැඩක් කියලා .

1961 ජූනි මාසෙදි අපි ටීවී එකේ ඇලිල වියෙනා සමුලුව බල බල හිටියෙ .ඒ ඇමරිකාවේ ජෝන් එෆ්  කෙනඩිත් එක්ක සෝවියට් වල නිකිතා කරුශ්චෙව් කරපු සාකච්ඡා බලන්න .අපේ ගමේ බොහොම පොඩ්ඩ දෙනාටයි ගෙදර ටීවී තිබුනේ .ඒත් අපි Graz වල Lendplatz කියන තැන තියන ටීවී විකුනන කඩයක් ගැන දැනගෙන හිටියා .ඒකේ ටීවී දෙකක් නිතරම ජනේලේ ලඟ තිබුනේ .ඉතින් අපි මොකක් හරි ආරංචි උන ගමන් දුවලා ගිහින් පාරේ ඉඳන් ටීවී එක බලනවා .අපි ජීව්ත් උනේ සටන්කාමී පරිසරයක .හැම වෙලේම ඇමරිකාවයි රුසියාවයි  හැම දේටම එකිනෙකාට වැරැද්ද පටවන්න කතා කලා .ඒ හැම වෙලාවෙම අපි හිතුවෙ අපි ඉවරයි කියලා .

මේ කාලයේදී අපි ගොඩක් ආතතියට ලක් වෙලා හිටියේ .මාත් එක්ක අපේ පන්ති කාමරයේ හිටපු අනිත්  පිරිමි ලමයි  30 දෙනාටත්  යුද්දයක් ඕන උනේ නෑ .අපි යුද්දයට වඩා අවදානයෙක් හිටියෙ කෙල්ලො ගැන .ගැහැනු ලමයි ඉගෙන ගත්තේ අනිත් බිල්ඩින්  එකේ නිසා අපිට එයාලව දකින්න පුලුවන් උනේ උදේට පන්තියට යනකොට විතරයි .ඒ ඔක්කොම ලමයි අපේ ගමේ  ඉන්න කට්ටිය .ඒත් එක පාරටම අපිට ඒ ලමයි පිටසක්වලින් ආවා වගේ පෙනුනේ .අපිට මුලින්ම තිබ්බ ප්‍රශ්නය තමයි අපි කොහොමද එයාලත් එක්ක කතාකරනේ කියන එක.අපිට දැනුනා අපි නිකන් සෙක්ස්  නිසා ඒ  පැත්තට ඇදෙනවා වගේ .හැබැයි  ඒ කැමැත්ත අපි එලියට දැම්මේ  ගෑනු ලමයි ඉගෙනගන්න යද්දී එයාලට හිම බෝල වලින් ගහන එක .එදා උදේම අපිට තිබ්බෙ  ගනන් පන්තිය  .ඒ පන්තියෙ හිටපු සර් අපි කරපු එක දැකලා තිබ්බ .අපි එතකොට 
හොදටම බය වෙලා හිටියෙ.මොකද ඒ සර් එක දවසක් කෙන්ති ගිහින් මගෙ යාලුවෙක්ගෙ දතක් කැඩෙන්න ගහලා තිබ්බ නිසා .එයා ඇහුවා ඔයාලට ඕනේ අර ගෑනු ලමයි කැමති කරගන්නද  කියලා.අපි එතකොට ඔක්කොම බිම බලාගත්තා .එතකොට ඔහු කිව්වා  විරුද්ධ ලිංගිකයන්ට ආකර්ශනය වෙන එක මේ වයසෙදි සාමන්‍ය දෙයක් කියලා .ඊලගට ඔයාලට උවමනා වෙනවා ඒ කෙල්ලන්ව ඉඹින්න  .ඊට පස්සෙ බදාගන්න .හරි ඒක නෙමෙයිද  ඔයාලට ඕනේ කියලා ඇහුවා .ආපහු  කට්ටිය බිම බලාගත්තා ,සර් ආපහු කතාකරන්න ගත්තා .එයා ඇහුවා ගෑනු ලමයෙක්ට කැමතියි කියලා කියන්න හිම බෝල පාවිච්චි කරන්න කිව්වෙ කවුද කියලා ,මම නම් ඒ කාලේ කලේ මුලින්ම කෙල්ලොන්ව වර්ණනා  කරලා කිස් කරලා ඒ වගේම එයාලට හොද විදිහට දැනෙන්න බදාගෙන ඉදලා කියලා .අපේ පන්තියේ ගොඩක් අයගෙ තාත්තලා මේ වගේ කතාවක් අපිත් එක්ක කරලා නෑ .ඒකෙන් අපි දැනගත්තා කෙල්ලෙක් ඕනේ නම් මුලින්ම කතාකරලා බලන්න ඕනේ කියන එක .අපි ඒක නිසා පන්තියෙ සර් කියපු ඒවා හොඳට   මතක තියා ගත්තා .


පන්තියෙඅන්තිම සතියෙ තියන රචනා ලියන එකෙන් තමයි මගෙ මුලු ජීවිතේම වෙනස් වෙන්න පටන් ගත්තෙ .ඒ රචනා ලියන එක තිබ්බෙ එක මුලින්ම තෝරගන්න පස් දෙනෙක් අතරෙ පත්තරයක් බෙදලා දීලා .අපිට කරන්න තිබ්බෙ පත්තරේ තියන ඕනම ලිපියක් හරි තමන් කැමති ෆොටෝ එකක් හරි ගැන  රචනාවක් ලියන්න .මේ පාර මම තමයි පත්තරේ තෝර ගත්තේ ඒක නිසා පන්තියෙ සර් මට  ක්‍රීඩා පිටුව දුන්නා .එකේ තිබ්බා ෆොටෝ එකක් Mr.Austria තරගයේ වීරයා වෙන Kurt marnul ෆොටෝ එකක් .එයා ඒ තරගයෙන් දිනලා තිබ්බෙ කිලෝ 190 දාලා  Bnech press ව්‍යායාමය කරලා .

Saturday, June 13, 2015

Life Story Of Arnold Schwarzenegger- Part 4



















බොඩි බිල්ඩින්ග් කරන අපි දන්නවා ආර්නොල්ඩ් ස්වාසනෙගර්  කියන්නේ කවුද කියලා.ආර්නොල්ඩ් ස්වාසනෙගර්  කියන්නේ බොඩිබිල්ඩින්ග් ඉතිහාසයේ Legend එකක් .මේ කොටස් වශයෙන් පලවෙන ඔහුගේ ජීවිත කතාවයි 

Part 4

කලින් සිද්ද උන දේවල් නිසා මගේ හීනේ ආපහු මතු උනා .මම විශෙශ කෙනෙක් ,මට ලොකු දෙවල් කරන්න පුලුවන් කියලා මගේ හිතට මමම  අවබෝධ කෙරෙව්වා.මට හැම දෙයකින්ම හොඳම දේ කරන්න උවමනා උනා .මට ප්‍රසිද්ධ වෙන්න උවමනා උනා.ඒ කාලේ ඇමරිකාව තමයි ලෝකේ බලවත්ම රට උනේ .ඉතින් මට එහෙට ගියොත් 
මට ප්‍රසිද්ධ වෙන්න පුලුවන් කියලා නිතරම මට හිතුනා .ඒත් අවුරුදු 10 ලමයෙක්ට හීන තියනවා කියන එක සාමන්‍ය දෙයක් .මට මතකයි දවසක් මන් බස් හෝල්ට් එකේ ඉන්න මට වඩා වැඩිමල් ගෑනු ලමයෙක්ට මම කවදා හරි ඇමරිකා යනවා කියලා.එයා එකට දුන්න උත්තරේ ඔවු ආර්නොල්ඩ් අනිවාර්යයෙන්ම කියන එක විතරයි .මම ඇමරිකාව ගැන 
කතාකරන කොට ලමයි හිතුවේ මාම හරි අමුතු කෙනෙක් කියලා .ඒත් මම නැවතුනේ නෑ ඇමරිකාව ගැන මගේ හිතේ තිබ්බ දේවල් මම දෙමව්පියන් එක්ක .ගුරුවරු එක්ක අසල්වාසින් එක්ක නිතරම කතාකලා .

Meinhard ට  වයස 14 පිරුනට පස්සෙ එයාට ගේ එච්ච්ර ඇල්ලුවේ නෑ .ඔහු සැරින් සැරේ ගෙදරින් යන්න පටන් ගත්තා.එයා ගෙදරින් යන්න හදද්දී ඇදුම් ටිකයි  පාසල් බෑග් එකයි ලෑස්ති කරලා මට කියනවා ,මම හිතන්නේ මට ආපහු ගෙදරින් යන්න කාලේ ඇවිත් මේ ගැන  කාටවත් කියන්න එපා කියලා.ඊට පස්සෙ ඔහු අතුරුදහන් වෙනවා .ඊට පස්සෙ අම්මට පිස්සු හැදෙන්නේ නැති ටික විතරයි .තාත්තා වටේ තියන පොලිසි වලට කෝල් කර කර Meinhard ව හොයන්න කියනවා .ඒක තමයි පොලිසියේ වැඩ කරන තාත්තා කෙනෙක්ට දනවන්න හොදම ක්‍රමය .
දවස් දෙක තුනකට පස්සෙ Meinhard ආපහු ගෙදර එනවා ,එතකම් එයා  ඉදලා තියෙන්නෙ එක්කෝ නෑදෑ කෙනෙක්ගේ ගෙදර නැත්නම් යලුවෙක්ගෙ ගෙදර .Meinhard ආවට පස්සෙ තාත්තා දන්නවා 
Meinhardදඬුවම් කරලා වැඩක් නෑ කියන එක .


මගේ අදහස උනේ මම ගෙදරින් යනවනම් මීට වඩා පිලිවෙලකට යන්න ඕනේ කියලා .මම පොඩි කාලේ ඉදලම තීරනය කරන් හිට්යෙ මගේම කියලා බිස්නස් එකකින් මගේම සල්ලි හොයාගන්න .මට ඕන ජොබ් එකක් කරන්න පුලුවන් කම තිබ්බා.සවලක් අරන් වලවල් හාරන්න උනත් මම තීරනය කලා .එක පාසල් නිවාඩු කාලයකදී අපේ ගමේ මනුස්සයෙක් මට වීදුරූ කර්මාන්ත ශාලාවක රැකියාවක් හොයලා දුන්නා .මට ඒකේ කරන්න තිබ්බෙ සවලකින් වීදුරු වීල් බැරෝවකට පටවන් ගිහින් වීදුරු උනු කරන මැශින් එකට හලන එක.දවස අවසානයේදී මට මගේ සල්ලි හම්බුනා .මේ පාසල් නිවාඩු කාලෙදි මට ආරන්චි උනා Graz වල ලී මෝලක  වැඩ තියනවා කියලා .මම මගේ පාසල් බෑග් එකත් අරගෙන තව බටර් ගාපු පාන් එකකුත් ගත්තා .ඊට පස්සෙ පාසල් ඉවර උනාට පස්සෙ මම ලී මෝලට ගියා .ගිහින් මම ලීමෝලේ අයිති කෙනාව ඇහුවම මාව එතනට එක්කගෙන ගියා.මම කිව්වා මට ජොබ් එකක් ඕනේ කියල එත්කොට අයිතිකෙනා ඇහුවා මගෙන් ඇහුවා 'ඒයි කොල්ලො වයස කීයද කියලා ',මම කිව්වා වයස 14 යි කියලා .එතකොට ලැබුන උත්තරේ උනේ ඔයා තාම මුකුත් ඉගෙනගෙනත් නෑනෙ කියන උත්තරේ .ඒත් මන් පසුබට උනේ නෑ .මන් කිව්වා මට ඕන දෙයක් කරන්න පුලුවන් කියලා.ඊට පස්සෙ ඔහූ මාව වැඩ කරන තැනට එක්ක ගෙන ගිහින් මාව එතන වැඩ කරන අයට අදුන්වලා දුන්නා .ඊට පස්සෙ එක තැනකට එකක්ගෙන ගිහින් කිව්වා මෙතන තමයි ඔයා වැඩ කරන්න යන්නේ කියලා .මට ලී මෝලෙදී කරන්න ලැබුන ජොබ් එක තමයි සවලකින් ට්‍රක් එකකට ලී කුඩු පටවන එක .මන් මුලු නිවාඩු කාලෙම වැඩ කලා .මම ලී මෝලෙන් අයින් වෙනකොට සිලිම් 1400 ක් හොයාගෙන තිබ්බා ඒ කියන්නේ ඩොලර් 55ප්‍රමාණයක් .ඒ කාලේ හැටියට ගොඩක්හොඳ මුදලක් .ඒකෙන් මට ආඩම්බර වෙන්න පුලුවන් උනේ ඔවුන් මට වැඩුනු මිනිහෙක්ට ගෙවන පඩිය ගෙවලා තිබ්බ නිසා . 


මට හම්බුන සල්ලි වලට මොනවද කරන්න ඕනේ කියලා මම දැනගෙන හිටියා .මම මේ වෙනකම් ඇන්දෙ Meinhard ඇදලා දෙන ඇදුම් විතරයි .
මට මගේම කියලා ඇඳුම් තිබිලා නෑ .ඒ කාලෙ මම පාසලේ පාපන්දු කන්ඩායමට බැදුන අලුත .ඒ කාලෙම තමයි අලුත්ම මෝස්තරයේ ට්‍රැක් සූට් එක හදුන්වලා දුන්නේ ,කලු දිග කලිසමයි ඒකටම හරියන මැදින් සිපර් එකක් දාපු ජැකට් එකයි.මම හිතුවේ මට ඒ ට්‍රැක් සූට් එකහොඳට ගැලපෙනවා කියලා.ඉතින් මන් ඒක ගෙදරින් ඉල්ලුවහම එයාලා කිව්වේ ඒක අත්‍යවශ්‍යම නෑ කියලා .මමසඟරාවක තිබ්බ ෆොටො එකක් පෙන්නුවත් උත්තරේ උනේ නෑ කියන එක .මගෙ සල්ලි වලින් මගෙම කියලා මුලින්ම ගත්තඇඳුම තමයි ඒ ට්‍රැක් සූට් එක .ඊට පස්සෙ ඉතුරු සල්ලි වලින් මම බයිසිකලයක් ගත්තා .මට ට්‍රැක් කිට් එක 
ගත්තට පස්සෙ අලුත් බයිසිකලයක් ගන්න සල්ලි මදි උනා.අපේ ගමේ වින්කලේ  ඉන්න මනුස්සයට කියලා පරන කෑලී දාලා බයිසිකලයක් හදා ගත්තා .මීට කලින් ගෙදර කාටවත් බයිසිකලයක් තිබිලා නෑ.මගේ එක තමයි මුල්ම බයිසිකලය .මගෙ බයිසිකලය පරන උනත් මගෙ නිදහසට ලැබුන රෝද දෙකක් උනා .