Monday, July 27, 2015

කෑමෙන් කොලෙස්ටරෝල් අඩු කර ගනිමු

කෑමෙන් කොලෙස්ටරෝල් අඩු කර ගනිමු





සිරුරේ කොලෙස්ටරෝල් ප්‍රමාණය, Statins නමින් හැඳින්වෙන ඖෂධය මගින් අඩු කෙරේ.
නමුත් අප ගන්නා ආහාරවල වෙනසක් කිරීමෙන් කෙතෙක් දුරට කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කර ගත හැකිද ?බ්‍රිතාන්‍ය ජනතාවගෙන් 60% ක පමණ සිරුරේ සාමාන්‍ය කොලෙස්ටරෝල් ප්‍රමාණය සාමාන්‍ය මට්ටමට වඩා වැඩියි.ඔවුන්ට Statins ඖෂධය පාවිච්චි කිරීමට උපදෙස් ලැබේ.නමුත් මෙම ඖෂධය පාවිච්චියෙන් අතුරු ආබාධ ඇති වන නිසා බොහෝ දෙනෙක් ඒවා දිගු කාලීනව භාවිතා කිරීමට අකමැතියි.ලන්ඩනයේ 'කිංග්ස් කොලේජ්' විශ්ව විද්‍යාලයේ ආචාර්ය ස්කොට් හාඩින්ග් ගේ සහය ඇතිව කුඩා අධ්‍යනයක් ආරම්හ කළේ ඖෂධ භාවිතා නොකොට කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කර ගත හැකි ආකාරය සොයා බැලීමට.
ඒ සඳහා හතළිස් දෙදෙනකු ස්වේච්චාවෙන් සහභාගී වූ අතර ඔවුන් සියලු දෙනාම කොලෙස්ටරෝල් පිළිබඳව අවධානයකින් පසුවූ අතර ඖෂධ භාවිතා නොකොට කුමක් කළ හැකිද යන්න පිළිබඳව උනන්දුවක් දැක්වූ අයයි.
 
ලේ සාම්පල


මුලින්ම කළේ ඔවුන්ගේ ලේ සාම්පල ගෙන පරීක්ෂා කිරීමයි.
කොලෙස්ටරෝල් බොහෝ ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙන්නේ අක්මාව තුළ.
ඉන් අනතුරුවයි සිරුරේ අවශ්‍ය සෛල කරා ඒවා ඇදී යන්නේ.
ඔවුන්ගේ ලේ සාම්පල ලබා ගැනීමෙන් පසු ආචාර්ය ස්කොට් හාඩින් විසින් මේ පිරිස කණ්ඩායම් තුනකට වෙන් කරන ලදී.
ඔවුන් තෝරා ගන්නා ලද්දේ අහඹු ලෙසයි.




ඉන් පසු එක් එක් කණ්ඩායමට තම ආහාර වේල් වෙනස් කරන ලෙසට උපදෙස් ලැබුණි.
පළමු කණ්ඩායමට උපදෙස් ලැබුනේ සාම්ප්‍රදායික කොලෙස්ටරෝල් අඩු ආහාර වේලක් ගන්නා ලෙසට.එනම් සම්පූර්ණ මේදය සහිත කිරි හා චීස්, සහ බටර් ආහාර වෙනුවට එළවළු සහිත ආහාර.බිත්තර, බේකන් සහ සොසේජ් අනුභව නොකරන ලෙසට සහ සම රහිත කුකුළු මස් ආහාරයට ගන්නා ලෙසටයි උපදෙස් ලැබුණේ.ආචාර්ය ස්කොට් හාඩින් දෙවැනි කණ්ඩායමට පැවසුවේ සියලු ආහාර අත්හැර දිනකට, වේල් තුනකට සරිලන සේ ඕට්ස් ධාන්‍යය ග්‍රෑම්ස් 75 ක් ගන්නා ලෙසයි.ඕට්ස් කෙඳි සහිත ආහාරයක් වනවා සේම ධාන්‍ය හෝ බෝංචි සහ පරිප්පු වැනි භෝග වර්ග මෙන්ම එළවළු මගින් ද සිරුරේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කෙරේ.එය සිදු කෙරෙන්නේ බඩ වැලේ ඇති මේදය සහ කොලෙස්ටරෝල් හා එක්ව ක්‍රියා කිරීමෙන් ඒවා උරා ගැනීමට ඉඩ නොදීම මගින්.තුන්වැනි කණ්ඩායමට උපදෙස් ලැබුණේ සාමාන්‍ය ආකාරයෙන් ආහාර ගන්නා ලෙසටයි.නමුත් එම ආහාරවලට ඇල්මන්ඩ් ග්‍රෑම්ස් 60 ක් එක් කරන ලෙසටත් උපදෙස් ලැබුණි.




මෑතක කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ ආමන්ඩ්, වෝල්නට්, හේෂල්නට් වැනි ඇට වර්ග වලින් කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කෙරෙන බවයි.
ශාක ඇට වර්ග කෙඳි වලින් බහුලයි එමෙන් ශාක සාර ද කොලෙස්ටරෝල් අවශෝසනය කිරීම අඩු කරයි.

ආහාර වට්ටෝරු

ස්වේච්ඡාවෙන් මෙම පර්යේෂණයට ඉදිරිපත්වූ හතළිස් දෙදෙනා මෙම ආහාර වට්ටෝරු ද රැගෙන සති හතරක් ඒවා අත් හදා බැලීම සඳහා පිටත් කර යවන ලදී.
එහෙත් අපේක්ෂිත ප්‍රතිඵලය බලාපොරොත්තු වූ තරම් සාර්ථක නොවීය.
නමුත් ආමන්ඩ් ආහාර වේලට ඇතුළත් කළ කණ්ඩායම සතුටුදායක ප්‍රතිඵල අත් කර ගෙන ඇති බව ආචාර්ය ස්කොට් හාඩින්ග් පෙන්වා දුන්නේය.




“එක් පුද්ගලයෙකුගේ කොලෙස්ටරෝල් ප්‍රමාණය සියයට 18 කින් අඩු වී තිබුණා. අනිත් පැත්තට තවත් අයගේ තත්වය නරක අතර හැරී තිබුණා,”ඔහු පැවසුවේය.
ඕට්ස් වැනි කැඳ වර්ග ගත් පිරිස සහ සම්පූර්ණ මේදය සහිත කිරි හා චීස්, සහ බටර් ආදියෙන් තොර ආහාර ගත් කණ්ඩායම් වල කොලෙස්ටරෝල් ප්‍රමාණය පිළිවෙළින් 10% සහ 13% වශයෙන් අඩුව තිබෙනු දක්නට ලැබුණි.මෙයින් පෙනී යන්නේ ආහාර වේලේ සාමාන්‍ය වශයෙන් කෙරෙන වෙනස්කම් මගින් කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කර ගත හැකි බවයි.
Statins, ඖෂධ මගින් ලබා ගන්නා ප්‍රතිඵලය ලබා ගැනීම පිණිස එකිනෙකට වෙනස් ආහාර පිලිවෙත් අනුගමනය කිරීම උත්සාහ කොට බැලිය යුතුයි.ආහාර වේලේ වෙනස්කම් කිරීමට පෙර ලේ සාම්පලයක් ගෙන බලා පසුව එය සසඳා බැලීමෙන් ඒ පිළිබඳ අවබෝධයක් ඈති කර ගැනීම වඩාත් සුදුසු බවයි පර්යේෂකයන්ගේ උපදේශය.

උපුටා ගැනීමකි,
http://www.elakiri.com/forum/showthread.php?t=1689225
Reply With Quote

Monday, July 20, 2015

Life Story Of Arnold Schwarzenegger- Part 7




















බොඩි බිල්ඩින්ග් කරන අපි දන්නවා ආර්නොල්ඩ් ස්වාසනෙගර්  කියන්නේ කවුද කියලා.ආර්නොල්ඩ් ස්වාසනෙගර්  කියන්නේ බොඩිබිල්ඩින්ග් ඉතිහාසයේ Legend එකක් .මේ කොටස් වශයෙන් පලවෙන ඔහුගේ ජීවිත කතාවයි


Part 7


නිවාඩුවට පස්සෙ විලී මාව වියෙනා වල තිබ්බ World Weight Lifting Championship කියන තරගයට එක්කන් ගියා.අපි ගියේ කට්ටියක් එක්ක කාර් එකක .පැය 4ක් විතර ගියා අපේ ගමේ ඉදලා වියෙනා වලට යන්න.කොහොමින් හරි ඒ තරඟය  ඉවරවෙන්න කලින් අපිට යන්න පුලුවන් උනා .අපි එතනට යද්දි තරගයේ අන්තිම ශෝ එක පටන් ගත්තා විතරයි. සුපිරි බර උසුලන්ගේ ඉවෙන්ට් එක තමයි තිබ්බෙ.ඒ තරගයේ ජයග්‍රාහකයා උනේ රුසියාවෙන් ආපූ Yuri Vlasov කියන කෙනා.ඒ කිලෝ 190.5 උස්සලා .මිනිස්සු 1000 වැඩිය ඒහෝල් එකේ හිටියා ඒ ඔක්කොම කෑ ගහගෙන  යූරි බර උස්සනවා බලන් හිටියා.ඒ ඉවෙන්ට් එක අතරතුර තමයි  බොඩිබිල්ඩින්ග් තරගය තිබ්බෙ .එදා තමයි මන් මුලින්ම බොඩිබිල්ඩර්ස් ලව දැක්කෙ .මුලින්ම මිනිස්සු ඇඟ පුරාම ඔයිල් ගාගෙන පෝසින්ග් කරනවා දැක්කෙ .තරගය ඉවර උනාට පස්සෙ අපි ස්ටේජ් එක පිටිපස්සට ගියා.මම තාමත් දන්නේ නෑ අපි කොහොමද එතනට ගියේ කියලා .මන් හිතන්නේ කාගේ හරි සම්බන්ධ කමක් නිසා වෙන්න ඇති කියලා .

ඒක ඇත්තටම කියන්න බැරි අමුතු හැගීමක් .මට අවුරුදු 13 වෙනකොට මේ කිසි දෙයක් මට දැනුනේ හිතුනේ නෑ .ඒත් අවුරුද්දකට පස්සෙ හැම දේම ඉබේම වෙන්න පටන් ගත්තා .මට ශක්තිමක් වෙන්න ඔනේ කියලා මට හිතුනා .මට ඒ ගැන හිතුනේ හර්කියුලීස්  චිත්‍රපටිය බැලුවට  පස්සෙ .මම ඒ ෆිල්ම් එකේ හිටපු නලුවගෙඇඟ ගැන පිස්සු වැටිලා හිටියෙ .මම ඒ ගැන විලීට කිව්වම විලී කිව්වේ ඒ Mr.Univers තරඟය  දිනපු Reg park කියන කෙනා කියල.ඒ වගේම මම  Kurt Marnul ගැන ලියපු රචනාව  ගැන විලීට කිව්වම ඔහු කිව්වෙ ඒ Kurt Marnul කියන කෙනා එයාගෙ  යාලුවෙක් කියලා .දවස්  කීපයකට පස්සෙ මට විලී කතාකරලා කිව්වා ඔයා රචනාව ලියපු Kurt Marnul අද අපේ විලට එනවා කියලා .මම ඒ වෙනකම් මගේ යාලුවොත් එක්ක වෙනදා වගේම විලේ පීනුවා මඩ සෙල්ලම් කලා .

Kurt Marnul හවස් වෙද්දී ලස්සන කෙල්ලෙක් එක්ක විලට ආවා .එතකොටත් ඔහු දාගෙන හිටියේ අර පත්තරේ හිටියා වගේ කලු කන්නාඩි දෙකක් .ඇඳුම ඇඳගෙන ආවට පස්සේ අපි දැක්ක දෙයින් අපි උඩ ගියා .මන් ඒ වෙනකන් ඒ වගේ විශාල මසල් පිරිච්ච ඇඟක් දැකලාතිබ්බේ නෑ .ලොකු  අත් ,උරහිස් ඒ වගේම හොඳට කැපිල වෙන් උන ඇබ්ස්  ඒවා  Kurt Marnul සුපර් මෑන්ගෙ තත්වෙට ගෙනත් තිබ්බා .ඒ වගේම ඔහුත් එක්ක ආව කෙල්ලත් බිකිනි එක  ඇන්දම  ඇග ගොඩක් ලස්සනට තිබ්බා .Kurt Marnul දිගටම විලට එන්න පටන් ගත්තා ඒ ආවෙත් එක එක කෙල්ලො එක්ක .ඔහු හොදට අපිට සැලකුවා ,ඒ වගේම ඔහු දැනගෙන හිටියා මායි මගෙ යාලුවගෙයි  දේව රූපය වගේ ඉන්නෙ එයා කියලා .

මට විලී  Karl Gerstl කියන එයාගෙ අලුත් යාලුවෙක් අදුන්වලා දුන්නා .Karl මට වැඩියඅවුරුදු කීපයක් වැඩිමහල් කෙනෙක් .ඒත් අපි දෙන්නා හම්බෙලා ටික කාලයකට පස්සෙ මට කාල්ගෙ වෙනසක් පෙනුනා .හරියට මසල් ටිකක් හැදිලා වගේ .ඉතින් මන් aඇහුවා ඔයා සෙල්ලම් කරනවද කියලා .කාල් කිව්වා 'ඔවු මන් සෙල්ලම් කරනවා හැබැයි මන් Chin ups ව්‍යායාමයයි  Sit up ව්‍යායාමයි  දවසට 100 ගානේ කරනවා .හැබැයි එච්චරයි මන් දන්නේ කියලා '.මම ඔහුට කිව්වා මායි විලීයි එක්ක හැමදාම ට්‍රේනින්ග් එකට එන්න කියලා .






ආර්නෝල්ඩ් කාර්ල්,විලී,හා හැරී සමග වයස  16 දී .




Kurt Marnul අපිට ව්‍යායාම කරන්න කියලා දුන්නා .ටික කාලයක් යද්දී විලීගෙ යාලුවෝ කීප දෙනෙකුත් Kurt Marnul ජිම් එකේ කීප  දෙනකුත්  එකතු උනා .ඒ ඔක්කොම මට වැඩිය වැඩිමල් අය .එතන හිටපු වැඩිමල්ම කෙනාට වයස අවුරුදු  40 ක් .එයාගේ නම' මුයි''.ඔහු තරුණ කාලෙදි හොද පොරබදින්නෙක්( Wrestler) ඒ වගේම Kurt Marnul වගේම උපාධිධාරීයෙක් .මුයි විශ්වවිද්‍යාලයේ උගන්නපු නිසා ජීවත් උනේ රජයෙන් දුන්න ගේක .මුයි ගේ පඩිය දුන්නෙත් රජයෙන් .ඒ වගේම හොදට ඉන්ග්‍රිසි කතාකරන්න ඒ වගේම ලියන්න කියවන්න පුලුවන් උන නිසා අපේ කන්ඩායමට  මුයි නැතුවම බැරි උනා .ඔහු තමයි අපේ කන්ඩායමට බොඩිබිල්ඩින්ග් ගැන තිබ්බ සඟරා වගේම ඇමරිකාවෙ නිකුත් කරපු  Playboyසඟරාව අපිට පරිවර්තනය කරලා කියෙව්වෙ .