Thursday, March 5, 2015

ශරීර වර්ග(Body Types)






ශරීර වර්ග(Body Types)












අපි  ඕන තැනක ගියහහම දකිනවා එක එක අය.අපි එක එක අය කියන්නේ ඇගවල් වලින් බලලනෙ .සමහර අය කෙට්ටුයි  .සමහර අය මද්‍යස්ත  ප්‍රමාණයේ අය.තවත් සමහරු මහතයි.අද අපි කතා කරන්නේ ශරීර වර්ග ගැන .ශරීර මනින  ප්‍රධාන ක්‍රම 3 ක් තියනවා .


*එක්ටෝමෝර්ප් ( Ectomorph)
*මෙසොමෝර්ප්  ( Mesomorph)
*එන්ඩොමෝර්ප්  ( Endomorph)

මෙහෙම්  ප්‍රධාන මනින එකක් තිබ්බට මේ ශරීර වර්ග දෙකක් කලවම් වෙලා එන අයත් ඉන්නවා .

මේ අයට දිගින් දිගටම ට්‍රේනින් කරද්දී තමන්ගෙ ශරීර වර්ගය වෙනස් කරගන්න පුලුවන් .එන්ඩෝමෝර්ප් කෙනෙක් දිගින් දිගටම ව්‍යායාම කරද්දී  මෙසෝමෝර්ප් කෙනෙක් වෙන්න පුලුවන් වගේම මෙසෝ-එන්ඩෝමෝර්ප් කෙනෙක් වෙන්නත් පුලුවන්.ඒක තීරනය වෙන්නේ තම්න්ගෙ උනන්දුව හා කැපවීම මත.අපි දැන් බලමු මේ කියන ශරීර වර්ග තියන අය අදුනගන්නෙ කොහොමද කියලා .


*එක්ටෝමෝර්ප් ( Ectomorph)

කුඩා පපුවක්,අත් කකුල් දිගයි.ඒ වගෙම අල්ල හා යටි පතුල් කෙටියි සහ දිගයි.පටු උරහිස් හා ,සාමන්‍යයෙන් දිග හා තුනී මාන්ශපේශි ඇත .මේදය කුඩා ප්‍රමානයකින් ගබඩා වී ඇත


*මෙසොමෝර්ප්  ( Mesomorph)

ශක්තිමත් මාන්ශපේශි අකෘතියක් තියනවා .ශක්තිමත් බාවයෙන් වැඩ්යි.විශාල පපුවක් තියනවා .


*එන්ඩොමෝර්ප්  ( Endomorph)

බුරුල් මාන්ශ සහිතයි.රවුම් මූනක් සහිතයි,කෙටි බෙල්ල,පලල් ඉන සහ මේදය විශාල වශයෙන් ගබඩා වී ඇත.




දැන් අපි බලමු මේ ශරීර තියන අය ශරීර වෙනස් කරන්න කන්න ඔනේ මොන වගේ විදිටද.හා තියන ඇග දිගටම පවත්වාගෙන යන්න ඔනේ කොහොමද කියලා .



*එක්ටෝමෝර්ප් ( Ectomorph)

මේ අය කෑම කෑවට ඒක ඉක්මනට ශක්තිය බවට පත්වෙනවා විතරයි.මේ අයට කෑම ගනිද්දී පුලුවන් තරම් ප්‍රෝටින් වැඩියෙන් තියන ආහාර වගේම  කාබෝහයිඩ්‍රේට් වැඩි ආහාර තමයි කන්න ඕනේ.ඒ වගේම කැලරි වැඩියෙන් තියන ආහාර ගන්නත් ඔනේ .මේදය වැඩි ආහාර ගන්න එකෙන් අනිත් ශරීර වර්ග තියන අයට වඩා වැඩි වාසියක් තියනවා .


*මෙසොමෝර්ප්  ( Mesomorph)

මේ අයගෙ ශරීර ආහාර මාන්ශපේශි බවට ඉක්මනට  පත් කරනවා .ඒ වගේම ඒ මාන්ශපේශි නඩත්තු කරන්න විශාල වශයෙන් ප්‍රෝටින් උවමනා වෙනවා .මේ අයගේ ඇගවල් හදන්න නම් කැලරි ප්‍රමානය අඩු කරලා මේදය ප්‍රමානවත් විදිහට දහනය කලානම් හරි.


*එන්ඩොමෝර්ප්  ( Endomorph)

මේ අයගේ ජීරන ශක්තිය සමාන්යෙන් අඩුයි.ඒ උනාට ඒ ජීරනය වෙන එවා මේදය විදිහට තමයි ගබඩා වෙන්නෙ .ඒක නිසා තමයි මහත වැඩි ඒ අය .හැබැයි මේ අයගෙ තයිරොයිඩ් ග්‍රන්ථ  ආශ්‍රිත රෝග වැලදීමේ ප්‍රවනතාවය වැඩියි .ඒක  නිසා එ අය පුලුවන් තරම් ආහාර පාලනය කරලා කෙට්ටුවට ඉන්න  උත්සහ කරන්නඅවශ්‍යයි..


ශරීර වර්ග වෙනස් කරන්න පුළුවන් එකට උදාහරණ



Ectomorph to Mesomorph 








Endomorph to Mesomorph





0 comments:

Post a Comment