Mesomorph Training
මෙසෝමෝර්ප් ඇගවල් තියන අයට ඉක්මනට මසල් එක හදන්න පුලුවන් .ඒත් මසල් එක හදන්න වගේම වැඩි දියුනු කරන්න ඇඟට ප්‍රමාණවත් ව්‍යායාම කරන්න ඕනෙ .
මෙසෝමෝර්ප් ඇගවල් තියන අය මේ විදිහට කරන්න ඔනේ .
මූලික ව්‍යායාම වලට අමතරව ශරීරයේ තත්වය(Quality),විස්තාරාත්මක බව (Detail),වෙන්කිරීම් (Isolation) ගැන වැඩි අවදානයක් යොමු කරන්න ඔනේ.ඒ මෙසෝමෝර්ප් අයගේ ඇඟ ඉක්මනට හැදෙන නිසා .ඒක නිසා මුල ඉදලම මසල් එකේ හැඩය ගන්න වගේම ,මසල් එක වෙන්කරන්න(Muscle Definition) ව්‍යායාම කරන්න පටන් ගන්න ඔනේ.
මෙසෝමෝර්ප් අයගෙ ඉක්මනට මාන්ශපේශී වර්ධනය වෙන නිසා ආහාර හා අධික ලෙස ශක්තිය වැයවෙන ක්‍රීඩා ගැන එච්චර වදවෙන්න දෙයක් නෑ .සාමාන්‍ය ව්‍යායාම ශරීර කොටසකට සෙට් 16 ත් 20 අතර ප්‍රමාණයක් ප්‍රමාණවත්.ඒ වගේම ව්‍යායාම අතර විවේකය සමාන්‍ය හෝ ඊට අඩුවෙන්( උපරිම තත්පර 40 ක්) ගන්න එකත් ප්‍රමාණවත්.
සමබර ආහාර වේලක් සමග වැඩියෙන් ප්‍රෝටීන් ආහාරයට ගැනීමෙන් ශරීරය නොවෙනස්ව පවත්වාගෙන යන්න පුලුවන්.හැබැයි කැලරි ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න අවශ්‍යයි.අනවශ්‍ය ප්‍රමාණයට කැලරි ආහාරයට ගන්න එකෙන්ඇඟ මහත් වෙන්න පුලුවන් .
ගොඩක් හොදයි මේවගේ දෙයක් ගැන සිංහලෙන් ලියන එක. දිගටම කරගෙන යන්න. protein powder ගැන දැනගන්න පුලුවන්ද?
ReplyDelete