Friday, June 12, 2015

බයිසෙප් ව්‍යායාම වලදී සිදුවන වැරදි




බයිසෙප් ව්‍යායාම වලදී සිදුවන වැරදි 







බයිසෙප් කියන්න බොඩිබිල්ඩින් කරද්දී බැලන්ස් ,හැඩය උපරිම තියෙන්න ඕන මසල් එකක්.බයිසෙප් මසල්  එක ට්ර්යි සෙප් මසල් ඒ වගේම ෆෝර් ආර්ම් මසල් එකෙන් තමයි අතක් හැදිලා තියෙන්නෙ .මේ ලිපියෙන් මම කතා කරන්නේ ආර්ම් එකට ව්‍යායාම කරද්දී ගොඩක් ජිම් වල ඒ වගේම ගොඩක් අය කරන වැරදි කිහිපයක් .මුලින්ම කියන්න ඕනෙ හැමොගෙම බයිසෙප් එක වගේ නෙමෙයි .සමහරුන්ගෙ කොට බයිසෙප් එකක් තියෙන්නෙ .තවත් සමහරුන්ගෙ දිග බයිසෙප් එකක් තියෙන්නෙ .එතකොට තවත් සමහරුන්ගෙ බයිසෙප් එක උසයි.සමහර අයගෙ කොටයි .ඒ වගේම බයිසෙප් එකේ ඝනකමේ  වෙනස් කම් තියනවා . 




දැන් අපි බලමු මොනවද ආර්ම් ව්‍යායාම කරද්දී වැරදි මොනවද කියන එක .


පලවෙනි වැරැද්ද.

බාර්බෙල් කර්ල් ව්‍යායාමය කරද්දී ගොඩක්  අය කරන වැරැද්ද තමයි ගැම්ම ගන්න පොඩ්ඩක් ඉස්සරහට  නැවිලා බාර්  එක උස්සන එක .එහෙම කරන එකෙන් වෙන්නෙ කොන්දේ යට කොටසට 
තමයි බර වැටෙන්නෙ .එහෙම කරන එකෙන් බයිසෙප් එක හරියට ඇදීමට ලක්වෙන්නෙ නැති නිසා බයිසෙප් එකේ පහල කොටසට හරියට ව්‍යායාම වෙන්නේ නෑ .ඒ වගේම ටික කාලයක් යද්දී 
කොන්දේ අමාරුවත් හැදෙන්න ගන්නවා .




නිවැරදි ක්‍රමය 

මෙන්න මේ විදිහ තමයි හරි  ක්‍රමය .මුලින්ම තමන්ට උස්සන්න පුලුවන් බරක් ගන්න .දැන් කොන්ද කෙලින් තියාගෙන අත හොදට ඇදෙන්න පහතට තියාගන්න .අත් දෙන ඇගට ලන්  කරලා තියාගන්න .
දැන් අත් දෙකෙන් බාර්  එක උස්සන්න .කොන්දෙන් නෙමෙයි,ඒ වගේම උරහිසෙනුත් නෙමෙයි  .බාර් එක උරහිසේ මට්ටමට උස්සන්න .ආපහුබාර් එක පහත් කරද්දී  වැනෙන්නේ නැතුව බාර් එක පහත් කරන්න .





දෙවනි වැරැද්ද.

මේ ජාතියේ ව්‍යායාමයක් මන් දැකලා නම් නෑ.ඒත් කරන කෙනෙක් ගෙන් ඇහුවම කියන්නේ ඒ ව්‍යායාමය කරන්නේ බයිසෙප් එකට කියලා.ඒක සම්පූර්නයෙන්ම වැරදියි .මෙහෙම ව්‍යායාමයක් නෑ .
පහල තියන පින්තූරය බැලුවහම තේරෙනවා ඇති මේ ව්‍යායාමය කරද්දී මොන මසල් එකද වැඩ කරන්නේ කියලා .මේ විදිහට ව්‍යායාම කරද්දී එන ප්‍රශ්නය තමයි වැලමිටි දෙක ඉස්සරහට කරනකොට ඒ බර සම්පූර්නයෙන්ම යන්නෙ උරහිසේ ඉස්සරහ කොටසට .ඒකෙන් බයිසෙප් එකට ව්‍යායාමයක් නැති උනත් උරහිසේ ඉදිරියටනම් ව්‍යායාමයක් වෙනවා .ඒ වගේම මේ ව්‍යායාමය කරන එකෙන් වෙන තවත් දෙයක් තමයි වැලමිටි දෙක ඇගට ලගින් නැති නිසා බාර් එක පහත් කරද්දී සම්පුර්න බර අපේ ඇගේ තියන ජොයින්ට් වලට බලපාන එක .






ඒ වගේම තමයි ඩම්බෙල් කර්ල් ව්‍යායාමය කරද්දී පුලුවන්නම් පිටිපස්සට හෙත්තු වෙන්න පුලුවන් බෙන්ච් එකක් හොයාගන්න .ඒකෙන් හරියට බර උස්සන්න පුලුවන් .ඒ වගේම බාර් එකෙන් වගේම ඩම්බෙල් එකෙන් බර උස්සනවනම් බර උස්සනමොනම වෙලාවකවත් බාර් එක දිහා බලන්න එපා .ඒ වෙලාවට බෙල්ලෙ නහරයක් ඇදුනනම් ආපහු  සෙල්ලම් කරලත් ඉවරයි .



බයිසෙප් එකේ තියන ඔලු දෙකට ව්‍යායාම කිරීම (Biceps Head Workout)




ජිම් එකට ගියහම ගොඩක් අය දැකලා ඇති සමහරු දිග බාර් එකෙන් සෙල්ලම් කරනවා .සමහරු කොට බාර් එකෙන් සෙල්ලම් කරනවා.හොදට බැලුවොත් ඔයාලට බලාගන්න පුලුවන් ඒකෙ බාර් එකේ අල්ලන තැන් දෙකක් කියලා .දිග බාර් එකෙන් ටිකක් ඈතින් ඇල්ලුවත්  කොට බාර් එකෙන් අල්ලන්න වෙන්නෙ ලගින් .අපි බලමු එහෙම ව්‍යායාම කරහම බයිසෙප් කොහෙටද ව්‍යායාම වෙන්නේ කියලා .


දිග බාර් එකකින් උරහිසේ ප්‍රමානයට බාර් එක අල්ලගන්න එක තමයි සාමන්‍ය බාර්බෙල් කර්ල් එක කියන්නේ .උරහිසේ ප්‍රමාණයට අගල්  2 ක් විතර අල්ලලා ව්‍යායාම කරහම  බයිසෙප් මසල් එකේ ඇතුල් පැත්තට තමයි ව්‍යායාම වෙන්නෙ .ගොඩක් ලගින් නෙමෙයි ,අගල් දෙකක් විතර ඇතුලට වෙන්න ඇල්ලුවහම ඇති .




දිග බාර් එකකින් උරහිස ්ප්‍රමාණයට අගල් 2ක්  විතර එළියෙන්  අල්ලලා සෙල්ලම් කලහම බයිසෙප්  එකේ ඇතුපැත්තට  ව්‍යායාම වෙනවා .මේ ව්‍යායාමය කරන්න දිග බාර් එකක්ම ඕනේ නෑ .





Posted in

1 comment:

  1. muscle imbalance ගැන ලියපු article නැද්ද ?

    ReplyDelete