Tuesday, March 17, 2015

Bodybuilding MYTHS # 2





Bodybuilding MYTHS # 2









ජිම් වලට යන අයට තියන ලොකුම ප්‍රශ්නයක් තමයි අනිත් අය කියන දේවල් .සිංහලෙන්  කිව්වොත් මිත්‍යා මත .මේ මිත්‍යා මත ගැන කතාකරන දෙවනි ලිපියයි .

පළවෙනි  ලිපිය මෙතැනින් 



ප්‍රශ්නය - බර වැඩියෙන් දාන්න දාන්න ඇග හැදෙනවා .

පිළිතුර   -මේක සම්පූර්ණයෙන් වැරදියි .කිසිම පුහුණුවක් හා කාලයක් යන්න කලින්බර  වැඩි කරනවා කියන්නේ ශරීරයට දැනෙන බර ප්‍රමාණය   වැඩියි. ජිම් වලට යන ගොඩක් අය අනිත් අය සෙල්ලම් කරනවා දැකලා බර වැඩි කරන්න හදනවා .එහෙම කරන එකෙන් වෙන්නේ සතියක් යන්න කලින් කොන්දෙ අමාරු ,අත් වල ජොයින්ට් ප්‍රශ්න හදාගෙන ගෙදර නවතින එක .ඒක නිසා තමන්ට උස්සගන්න පුලුවන් බරක් පාවිච්චි කරන්න .බර වැඩි කරනවනම්  සතියකට පාරක් බර කිලෝ ගනන් නෙමෙයි  බොහෝම පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරන්න .අනිත් අයගෙ බර ප්‍රමාණයට යන්න ටිකක් කල් යයි.හදිස්සි වෙන්න එපා  

උදා -
බර සතියකට පාරක් වැඩි කරනවා කියන්නේ කිලෝ ගනන් නෙමෙයි .මුලින් වේට්   එක ලොක් කරන පොඩි කෑලි වලින් පටන් අරන්   ග්‍රෑම් වලට යන්න.ඊට පස්සෙ කිලෝ ගනන් යන්න .


ප්‍රශ්නය - දවල් කාලයේදි ලේ පිච්චෙනවා .

පිළිතුර  - මේක ගොඩාක් අලුතින් ජිම් යන අයට ලොකු ප්‍රශ්නයක් .ඒකට මමත් මුන දීලා තියනවා .ඕනම කෙනෙක්  දවල් ව්‍යායාම කරන්න ජිම්  යනවනම් ඒ ඔක්කොම අය දන්නවා ලංකාවේ දවල්ට තියන රස්නේ ගැන .අපි කවුරුත් A/C තියන ජිම් වලට යන්නේ නැනේ.එක නිසා ජිම් එකේ 
බිත්ති අව්වට රත් වෙලා ජිම් එක ඇතුලෙ රත් වෙනවා.ඒ වෙලාවට ජිම් එකට යනවා කියන්නේ මහන්සි වැඩිවෙනවා .අනික අවට පරිසරය ගොඩක් රස්නෙ නිසා අපි කරන ව්‍යායාම අනුව ශරීරයේ තියන මේදයත් ඉක්මනට දහනය වෙන්න බලනවා .එහෙම උනහම මහත අය කෙට්ටු වෙනවා .


ප්‍රශ්නය- හැමදාම ව්‍යායාම කලොත් ඉක්මනටඇඟ හැදෙනවා .

පිළිතුර   -මේකත් සම්පුර්ණයෙන් වැරදියි .අපි දන්නවා අපිට මහන්සි වෙන දෙයක් කලොත් අපිට විවේකයක් අවශ්‍යයි කියලා .අපි දවසක් ව්‍යායාමයක් කලොත් ඒ ව්‍යායාමයෙන් පස්සෙ අපි විවේකයෙන් ඉන්න වෙලාවට තමයි ශරීරය මසල් වල තියන පටක අලුත් වැඩියා කරන්නේ .අපි දිගින් දිගටම හැමදාම ව්‍යායාම වල යෙදෙද්දී ශරීරයට පටක අලුත්වැඩියා කරන්න හරි වෙලාවක් ලැබෙන්නේ නෑ .එහෙම උනහම වෙන්න මසල් එක ඉක්මනට මහන්සි වෙන එක .ඒ වගේම මසල් එකෙ පටක අලුත්වැඩියාවට වෙලාවක් ලැබෙන්නේ නැති නිසා මසල්  එකත් වර්ධනය වෙන එක අඩු වෙනවා .ඒ උනාට ශරීරයේ කොටස් දවස් දෙකකට බෙදලා ව්‍යායාම  කරනවනම් අනිවාර්යයෙන් 3 වෙනි දවසේ  විවේකයක් ගන්න .එතකොට ශරීරය ඊලඟ දවසට මානසිකව වගේම ශාරිරිකවත් සුදානම්වෙනවා .


ප්‍රශ්නය - සප්ලිමන්ට් නැතුව ඇඟ හදන්න පුලුවන් .

පිළිතුර   - මේකෙදි උත්තරේ වෙන්නෙ බෑ නෙමයි කරන්න ගොඩාක් අමාරුයි  කියන එකයි.ඕනම කෙනෙක්ට කාලාඇඟ හදන්න පුලුවන්.හැබැයි  එක එක අයගෙ ආහාර ජීරනය වෙන ප්‍රමානය හා වේගය වෙනස් .අපි කාලාමඇඟ හදන්න යනවනම් දවසකට මස්  කිලෝ 1 කට වැඩියෙන් කන්න ඕනේ .ඒ වගේම ආහාර  ජීරනය වෙනවට වඩා වේගයකින් දියර ආකාරයෙන් ආහාර ගත්තම ඉක්මනට ජීරනය වෙනවා .ඒක නිසා සප්ලිමන්ට් ගන්නවානම් ඉක්මනටඇඟ හැදෙන්න බලනවා.ආහාර වලින් ඇග හදන කෙනෙක්ට වඩා සප්ලිමන්ට් +ආහාර ගන්න කෙනෙක්ගේ ශරීරය ගොඩක් ඉක්මනට වර්ධනය  වෙනවා .


Posted in

0 comments:

Post a Comment