ඩයට් කරන්නේ කොහොමද ?
ඩයට් කරන්නේ කොහොමද ?
ගොඩක් අයට ප්‍රශ්නයක් වෙන දෙයක් තමයි කොහොමද හරි විදිහට ඩයට් කරන්නේ සහ ඩයට් කරනවා කියන්න්නේ මොකක්ද කියල .අද මේ ලිපියෙන් ඩයට් ගැන පැහැදිලි කිරීමක් කරන්නම් .
මුලින්ම කියන්න ඕනේ ඩයට් කරනවා කියලා කියන්නේ නොකානොබී බඩගින්නේ ඉන්නවා කියන එක නෙමෙයි.ඒ ආහාර පාලනයක් ඇතුව ගන්න එකට තමයි ඩයට් කරනවා කියලා කියන්නේ .සමහර අයගෙ තියන ලොකුම ප්‍රශ්නයක් තම්යි ඩයට් කලාට බර අඩුවෙනවද කියන ප්‍රශ්නය .උත්තරේ තමයි
ඔව් අනිවාර්යෙන්ම බර අඩුවෙනවා වගේම අපිට වැළදෙන්න තියන පරම්පරාගත ලෙඩ ( දියවැඩියාව ,අර්ශස්,අධිරුධිර පීඩනය ) වගේ දේවල් වැළදෙන්න තියන ප්‍රතිශතය සෑහෙන්න අඩු වෙනවා .ඩයට් කියන එකත් ඩයට් කරන ආහාර වර්ග වලට අනුව වර්ග කීපයකට බෙදෙනවා .
*.Low-fat Diets-මේදය සහිත ආහාර අඩු කිරීම .
*.Low-Carbohydrate Diets-කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර අඩු කිරීම.
*.Low-calorie Diets- කැලරි වැඩියෙන් ඇති ආහාර අඩු කිරීම .
*.Very low-calorie Diets- සාමාන්‍ය ප්‍රමානයටවත් කැලරි සහිත ආහාර අඩු කිරීම .
දැන් බලමු ඩයට් කිරිමෙන් තියන වාසි අවාසි මොනවද කියලා .
වාසි
*.අනවශ්‍ය විදිහට ආහාර ගැනිමෙන් වලක්වනවා .
*.පෞරුශත්වය හා ඉවසීම නගා සිටුවනවා .
*.අනිවාර්‍යයෙන් බර අඩු කරනවා .
*.ශරීරය නැවුම් හා සැහැල්ලුවෙන් තබනවා .
*.සමහර හෘද රෝග වැලදීමේ හැකියාව අඩුවෙනවා .
අවාසි
*මුලින්ම මතක තියගන්න ඕන ඩයට් වල අවාසියක් ඇත්තේම නැති තරම් .ඩයට් ප්ලෑන් එකේ අවාසි එනවනම් එන්නෙ අනවශය විදිහට ඩයට් කලොත් තමයි.
ඒවා නම් .
*විශාදය (මානසික අවපීඩනය )
*අදික මහන්සිය
*ක්ලාන්තය
*දද
*ආම්ලිකතාවය
*.මලබද්දය (ප්‍රමානවත් පරිදි ආහාර නොගැනීම නිසා )
*.විජලනය (ප්‍රමානවත් පරිදි දියර වර්ග එකතු කරගැනීම නිසා )
*.ආහාර අරුචිය
මෙන්න මේවා තමයි ඩයට් කරන එකේ වාසි හා අවාසි .අපේ රටේ ඩයට් කරන එක ගොඩක් සාර්තක වෙන්නේ නැත්තේ අපේ රටේ තියන හුගක් කෑම ජාති හදලා තියෙන්නේ පිටි වලින් වගේම තෙල් වර්ග කලවම් කරලා.ඒ වගේම එලවලු පලතුරු මාලු වර්ග වල මිල ගනන් බලපානවා .
සාමාන්‍ය න් ඩොක්ටර් කෙනෙක් උනත් ඩයට් එකක් දෙන්නෙ අදාල පුද්ගලයාගේ බර කිලෝ 100 වැඩිය වැඩි උනොත් විතරයි .ඒ උනාට ගෑනු ලමයි නම් කිලෝ 60 උනත් ඩයට් කරනවා .අපි දැන් බලමු ඩයට් පැලෑන් එකක් හදාගන්න විදිහ .මේක ස්ත්‍රී පුරුශ පක්ශ දෙකටම අදාලයි.
උදෑසන ආහාරය
*.කවුපි/මුන් ඇට හෝ වෙනත් ඇට වර්ගයක් ග්‍රෑම් 100 ක්.
*යෝගට් එකක් .
*ග්‍රීන් ටී කෝප්පයක්.
දිවා අහාරය
*බත් කෝප්ප 2 ක් ( අඩු කෝප්ප )
*ඕනෑම එලවලු කෝප්ප 3 ක් .වර්ග 2ක් පමන
*ආහාරයට පසුව ගන්න පලතුරු වර්ගයක් දේශිය දෙයක්නම් ගොඩාක් හොඳයි.
*ග්‍රීන් ටී කෝප්පයක් .
සවස
*බනිස් හෝ පිශ්ටය තියන ආහාරයක් කෑවට කමක් නෑ.
*කෙසෙල් හෝ ආනමාලු ගෙඩියක්
රාත්‍රී ආහාරය
*එලවලු සලාදයක්.
*බත් කෝප්පයක් (නොකා ඉන්නවනම් වඩා හොදයි )
*ග්‍රීන් ටී කෝප්පයක් .
මේ ඩයට් ප්ලෑන් එක සාමාන්‍ය එකක් .මීට අමතරව බඩගින්නක් හැදුනම කන්න පොඩි බිස්කට් පැකට් එකක් ලඟ තියාගන්න .මේ ප්ලෑන් එක ව්‍යායාම වලට වෙලාව නැති දිනපතා වැඩට යන කෙනෙක්ට වඩා හොදයි .ඩයට් ප්ලෑන් එකක් කරන්න බලපොරොත්තු වෙනවනම් මේ පහත තියන කරුනු හොදට මතක තියාගන්න .
* එකපාරට කෑම අඩු කරන්න එපා ,එහෙම උනොත් ග්‍රැස්ටික් හැදෙන්න බලනවා .ටික ටික අඩු කරන්න .මුලින් රෑට බත් කෝප්ප 5 ක් කෑවනම් අද බත් කෝප්ප 4 ක් කන්න .අනිත් එලවලු වැඩි කරන්න.ඊලග දවසේ බත් කෝප්ප 3 ක් කන්න .එලවලු ප්‍රමානය වැඩි කරන්න .
*ඩයට් ප්ලෑන් එකකින් උපරිම අඩුවෙන්නෙ සතියකට කිලෝ 1-2 අතර ප්‍රමානයක් තමයි.ජිම් එකකට යනවනම් ඊට වඩා චුට්ටක් වැඩි වෙයි.ඒක නිසා කලබල නොවී එකම ඩයට් ප්ලෑන් එක සති 3ක් වත් කරගෙන යන්න.
*පලතුරු වර්ග කොච්ච්ර කෑවත් මහත් වෙන්නේ නෑ.පලතුරු වර්ග ලන්කාවෙ ඒවම හොයගන්න .ඇපල්,මිදි,දොඩම් කියන්නෙ සම්පුර්ණයෙන් ම විස කෑමක් .පුලුවන්නම් තමන්ගෙ වත්තේ පලතුරු ටිකක් වවාගන්න .
*පුලුවන් තරම් පෙර සැකසූ ආහාර වලින් ඈත් වෙන්න .( සොසෙජස්,මීට් බෝල්ස් ,පෙර සැකසු පලතුරු,එලවලු වර්ග )
* සති දෙකක් විතර එක දිගට ඩයට් කරල එක දවසක් විතරක් සාමාන්‍ය විදිහට කෑම ගන්න .
* දවසක් දෙකක් ඩයට් ප්ලෑන් එක මිස් උනා කියලා මහත් වෙන්නේ නෑ.ඒක නිසා විශේශ උත්සව වලදී කෑවට ප්‍රශ්නයක් වෙන්නේ නෑ .
* ගෘහනියක් නම් ගෙදර වැඩ ඉවර උන වෙලාවට පොඩි කාඩියෝ ව්‍යායාම ටිකක් කරන්න .පුලුවන්නම් ජිම් එකක් හොයාගන්න .
මෙන්න මේ විදිහට ඩයට් කලොත් බර වගේම ඇගත් අඩුවෙනවා.හැබැයි හදිස්සි වෙන්න එපා .මොකක් හරි ලෙඩක් තියනවනම් හොදම දේ තමයි තමන් ඩයට් කරන්නේ නැතුව ලගම තියන රජයේ රෝහලකට ගිහින් පෝශනවේදියෙක් ව මුන ගැහෙන එක .
මට මේ ලින්ක් එක හම්බුනේ එළකිරි එකේ යාළුවෙක්ගෙන් .මේකේ තියනවා ඇයි අපි පෙර සැකසු ආහාර වලින් ඈත් වෙන්න ඕනේ ඇයි කියලා .ගිහින්ම බලන්න ---->>>>
0 comments:
Post a Comment