Tuesday, March 17, 2015

ව්‍යායාම ( Exercises)




ව්‍යායාම ( Exercises) 








අපි දන්නවා ජිම් එකකට ගියහම අපිට ව්‍යායාම වර්ග දෙනවා.එක එක වර්ග වල .චෙස්ට් එකට වෙනම ශෝල්ඩර්ස් ව්ලට වෙනම ආර්ම්ස් වලට වෙනම වගේ.ඒත් මසල් එකක් හරියට මහන්සි වෙන්න නැත්නම් මසල් එකකට හරියට වදින්න අඩුම තරමින් එක ව්‍යායාමයකින් 4 පාරක්වත් කරන්න ඕනේ.

අපි ජිම් එකකට ගියහම චෙස්ට්  එකට ව්‍යායාම කීපයක් කරනවා .ආර්ම්ස් වලට ව්‍යායාම කීපයක් කරනවා .ඒ එක එක ව්‍යායාම වලින් මසල් එකේඑක එක තැන් වලට තමයි ව්‍යායාම වෙන්නෙ.

මෙන්න මේ විදිහට තමයි බොඩි බිල්ඩර් කෙනෙක්ගේ ඇග  පෙන්නේ .ඒ වගේම බොඩි බිල්ඩින් කරද්දී මේ හැම පාර්ට් එකක් ගැනම අවධානය දක්වන්න අවශ්‍ය වෙනවා.



තේරෙන්නේ නෑ  නේද.එක නිසා අපි ශරීරය ව්‍යායාම වලට අනුව කොටස් කීපයකට බෙදමු .

 ශරීරය ව්‍යායාම අනුව කොටස් කීපයකට බෙදෙනවා.

1.උරහිස් (ශෝල්ඩර්ස්) 
2.පපුව (චෙස්ට් )
3.පිට (බැක්)
4.අත් (ආර්ම්ස් )
5.කලව (තිග්ස් )
6.බත් කෙන්ඩ (කාෆ් )
7.බඩ (ඇබ්ඩොමිනල්ස් )


මේ සමහර ශරීර කොටස්  තවත් කොටස් වලට බෙදෙනවා .

උරහිස් (ශෝල්ඩර්ස්).කොටස්

1.උරහිස් (ශෝල්ඩර්ස්)
2.බෙල්ල (නෙක් /ට්‍රැපිසුස් )

අත් (ආර්ම්ස් )

1.ට්‍රයිසෙප්ස් 
2.බයිසෙප්ස්
3.ෆොර් ආර්ම්ස් 


ඒ වගේම අපි සමහර වෙලාවට ජිම් එකට ගියහම තනියම තමයි  Workout එක කරන්නේ.අපි හරියට ව්‍යායාමය කරනවද කියලා ජිම් එකේ මාස්ටර් ට බලන්න බැරි වෙන්න පුලුවන්.ඒ වගේම සමහර අය අපිට ජිම් එකෙදි උපදෙස් දෙන්නත් එනවා.මේ ඔක්කොමට වඩා වැදගත් අපි හරියට ව්‍යායාමය කරන එක .ඒකෙන් වාසිය අපිටමයි .

ඊලග ලිපියේ ඉදලා කොහොම්ද  හරි විදිහට Workout කරන්නේ.Workout වල අපි කරන වැරදි මොනවද කියන එක මන් පැහැදිලි කරලා කියන්නම් .

1 comment: