Sunday, April 19, 2015

Back Work Out #3





Back Work Out #3










අපි කලින් ලිපියේ කතාකලා පිටට කරන ව්‍යායාම මොනවද කියලා .මේ ලිපියෙන් පැහැදිලි කරන්නේ කොහොමද ව්‍යායාම කරන්නේ නිවැරදි ආකාරයෙන් කරන්නේ කියලා .

පළවෙනි  ලිපිය 
දෙවැනි ලිපිය 

තුන්වෙනි ලිපිය


වන් ආර්ම් කේබල් රෝ(One Arm Cable Row)




ව්‍යායාමය බලපාන්නේ-මේ ව්‍යායාමයෙන් Lat මසල් එකේ පහල කොටස ව්‍යායාම කරවනවා.Lat මසල් එකේ පහල කොටස හොඳට කැපී පෙන්වීමට මේ ව්‍යායාමය ඉතා හොඳයි.  

ව්‍යායාමය කරන්නේ - මුලින්ම මැශින් එක ලගට ගිහින් යට තියන පුලි එක ඇදලා ගන්න .උඩ තියන පින්තුරය වගේ කකුල් දෙක ඈත් කරලා තියාගන්න .ඊට පස්සේ කේබල් එක ඇදලා වැලමිට උපරිම පිටිපස්සට ගන්න .ඊට පස්සෙ ආපහු අත හිමීට පහලට කරන්න .හොදට  මතක තියාගන්න කේබල් එක අදිද්දී  දැනෙන්න ඔනේ අතට නෙමෙයි  Lat මසල්  එකටයි .මේ ව්‍යායාමය ඉඳගෙන කරන්නත් පුලුවන් .මේ ව්‍යායාමයේ තියන රහස තමයි මේකෙදි උපරිම චලනයක් ගන්න පුලුවන් වෙන එක .ඒක නිසා මේ මසල් එක උපරිම ඇදීමකට ලක් කරනවා .


සීටඩ් කේබල් රෝ (Seated Cable Row)




ව්‍යායාමය බලපාන්නේ- මේ ව්‍යායාමයෙන්  Lat මසල් පහල කොටස හා පිටේ තියන පේශි වර්ධනය  කරනවා.


ව්‍යායාමය කරන්නේ - මුලින්ම රෝවින්ග් මැශින් එක ලගට ගිහින් වාඩි වෙලා මුලින්ම බැලන්ස් එක හදාගන්න .ඉස්සරහා තියන ලී කෑල්ලට හරි බාර් එකට හරි කකුල තියලා දනිස් පොඩ්ඩක් නවාගන්න දැන් ඉස්සරහ තියන හැඩල් දෙක ඇදලා බඩ ලගට ගන්න .අත් දෙක දෙපැත්තට කරන්න එපා .ඒ වගේම කේබල් එක ඇදලා ගද්දී පස්සට නැවෙන්න එපා.ඒ වගේම කොන්ද කෙලින් තියාගන්න .කේබල් එක ඇදලා ගන්නකොට දැනෙන්න ඔනේ අතට නෙමෙයි පිටට .


සීටඩ් කේබල් රෝ ( අතිරේක )(Seated Cable Row Optional)




මේ ව්‍යායාමය සීටඩ් කේබල් රෝ ව්‍යායාමය තමයි.වෙනසකට තියෙන්නේ බාර් එකක් යොදාගන්න නිසා සීටඩ් කේබල් රෝ ව්‍යායාමයට වැඩි බලපෑමක් සිදුවෙන එකයි .



මැශින් රෝ .(Machine Row)






මේ දිනවල  Lat මසල් එකට ව්‍යායාම කරනවන එක එක වර්ගයේ මැශින් තියනවා.ජිම් වල තියන මැශින් එකින් එකට වෙනස් .හැබැයි හැම මැශින් එකෙන්ම ව්‍යායම වෙන්නේ  Lat මසල් එකට තමයි .


බෙන්ට් ආර්ම් පුල් ඕවර් විත් බාර්බෙල්(Bent Arm PullOver With Barbel)  




ව්‍යායාමය බලපාන්නේ-මේ ව්‍යායාමයෙන්   Lat මසල් එකේ පහල කොටසට හා සෙරටස් මසල් එකට ව්‍යායාම කරවනවා .ඒ වගෙම ඉල ඇට කූඩුවත් විශාල කරවනවා .


ව්‍යායාමය කරන්නේ - මුලින්ම ෆැලැට් බෙන්ච් එකක් ලගට යන්න .දැන්  E-Z බාර් එක හරි පොඩි බාර් එකක් ගන්න.ඒකට වේට් එක දාලා බෙන්ච් එකේ නිදාගන්න.ඊට පස්සේ පුල් ඕවර් කරනවා වගේ බාර් එක පහත් කරන්න .හැබැයි අත නවලා තමයි අත් දෙක පහත් කරන්න ඕනේ .ආපහු බාර් එක උස්සලා පපුව උඩින් තියාගන්න .බාර් එක පහත් කරද්දීහොඳට මසල් එක ඇදෙන්න පහත් කරන්න .

0 comments:

Post a Comment