Monday, June 22, 2015

රට ඉඳි






රට ඉඳි







තේ බොනකොට කටගැස්මට කන රසවත් ආහාරයක් මතක් කරන්න කීවොත් විශේෂයෙන්ම මතක් වෙන පලතුරක් තමයි ”රට ඉඳි” කියන්නේ.තනි කෑමක් ලෙස වගේම පලතුරු සලාද, කේක්, රසකැවිලි සහ පුඩින් වර්ග වගේ ආහාර රසවත් කරන්නත් රට ඉඳි නැතිවම බැරි තරම්.පිටරට තරම් රසවත් රට ඉඳි අපේ රටේ හැදුණෙ නැති වුණාට ලංකාවට රට ඉඳි ආනයනය කිරීම ඉතාමත් ඉහළයි. එයට හේතුව තමයි ලංකාවෙ බොහෝ දෙනෙක් රට ඉඳි බහුල වශයෙන් භාවිත කිරීම.

මුස්ලිම් ජනතාව රාමසාන් උපවාසය අවසන් කර ආහාර ගැනීම ආරම්භ කරන්නේ රට ඉඳි ගෙඩියක් කාලා වතුර බීමෙන් පසුවයි. එයට හේතු කිහිපයක් තිබෙනවා. බොහෝ වේලාවක් බඩගින්නේ සිට ආහාර ගත් විට ඒක ශරීර සෞඛ්‍යයට අහිතකරයි. දරා ගන්න අපහසුයි. ඒ වාතාවරණය නැති කරන්න සුදුසුම දේ තමයි රට ඉඳි. ඒ නිසයි බොහෝ කලක් උපවාස කර ආහාර ගැනීමට පෙර මේ පලතුර ආහාරයට ගෙන වතුර වීදුරුවක් බී ආහාර ගන්නේ. එමඟින් අධික ලෙස ආහාර ගැනීමත් පාලනය කරනවා. රට ඉඳි කියන්නේ පුංචි කෑමක් වුණාට ඉක්මනින් බඩ පුරවන ආහාරයක්.
රට ඉඳිවල පවතින සුවිශේෂී ගුණයක් තමයි ක්ෂණිකව සිරුරට ශක්තිය ලබා දීමේ විශේෂ හැකියාවක් මේ ආහාරයේ පවතිනවා. ඒ නිසාම අඛණ්ඩව මහන්සි වුණු අයට (ගම හරහා දිවූ අවස්ථාවකදී) කෘත්‍රිම නිෂ්පාදන වෙනුවට රට ඉඳි මදුළු කිහිපයක් ආහාරයට දෙන්නත් පුළුවන්. එය ඉක්මනින්ම ශරීරයට උරාගෙන ක්ෂණික පෝෂණ ගුණයක් ලබා දෙනවා.

ඇත්තටම පොදුවේ ගත්තොත් රට ඉඳි කියන්නේ හොඳ ඖෂධයක්. ඛර්ජුරි, ඛර්ජුරිකා වැනි නම්වලින් දේශීය වෛද්‍ය විද්‍යාවේදී රට ඉඳි හඳුන්වනු ලබනවා. රට ඉඳි ප්‍රභේද හතරක් තිබෙනවා. ඒ හතර තමයි රාජ් ඛර්ජුරි, පිණ්ඩ ඛර්ජුරි, මධු ඛර්ජුරි සහ භූමි ඛර්ජුරි. මේ අතරින් භූමි ඛර්ජුරි කියන්නේ ලංකාවටම පමණක් ආවේණික ඉඳි විශේෂයක්. රට ඉඳිවලට වඩා තරමක් වෙනස් දම් පැහැති, රතු පැහැති ගෙඩිවලින් සමන්විත ලංකා ඉඳි දකුණේ මුහුදුබඩ ප්‍රදේශවල බහුල වශයෙන් දැකගන්න පුළුවන්. ගොරහැඩි කඩතොලු සහිත පුවක් ගහකට සමාන මේ ලංකා ඉඳි (භූමි ඛර්ජුරි) ගහේ ඉඳි සෑදෙන්නේ පොකුරු ආකාරයට. මේ ඉඳි වර්ගයත් රට ඉඳි හා සමානවම රසින් යුක්තයි.

රාජ ඛර්ජුරි, පිණ්ඩ ඛර්ජුරි ලංකාවට ගෙන්වන්නෙ අරාබියෙන්. මේවා බහුල වශයෙන් මසින් පිරුණු ගෙඩිවලින් සමන්විතයි. කෙසේ නමුත් පොදුවේ රට ඉඳි, ලංකා ඉඳි රසින් ගුණයෙන් සමන්විතයි. අරාබිකරයේ රෝපිත රට ඉඳි මේ වන විට ලංකාවේ මන්නාරම් ප්‍රදේශයේ සුළු වශයෙන් රෝපණය කර තිබෙනවා. ඒවා සාර්ථක ලෙස පල නෙළාගෙන තිබෙනවා. රට ඉඳි ගෙඩි, බොඩ (ගොබය), මුල් ඖෂධ පිණිස යොදා ගන්නවා. පොදුවේ ගත්තොත් රට ඉඳි කියන්නේ මල බද්ධයට ඉතාමත්ම සුවදායක ඖෂධයක්. රට ඉඳිවල තිබෙන කෙඳි ස්වභාවය නිසාම පහසුවෙන් මල පිට කිරීමේ ගුණයක් මේ ඔෟෂධයේ පවතිනවා. ඒ නිසාම මල බද්ධය පවතින රෝගීන් රට ඉඳි ආහාරයට ගන්නව නම් ඒ රෝගය සුව කරන්න ඉතාමත් ගුණදායකයි. රට ඉඳි සාමාන්‍ය ලෙස ආහාරයට ගන්නවට වඩා රට ඉඳිවල ඇට ඉවත් කර රැයක් ඇල් දියේ ගිල්වා උදේට ආහාරයට ගන්නව නම් මලබද්ධතාව සුව කරන්න එය ඉතාම ගුණදායකයි. මෙය දින කිහිපයක් උදෑසන කළොත් ඔබට පැහැදිලි වෙනසක් දැනේවි.

ඇතැම් පුද්ගලයන්ගේ බඩේ ආහාර දිරවීමේ අක්‍රමිකතා ඇතිවන්න පුළුවන්. එයට හේතුව දිරවීම පමා වීම. එවන් රෝගීන් රට ඉඳි ආහාරයක් ලෙස ගන්නව නම් ජීර්ණ පද්ධතිය ආශ්‍රීතව හටගත් සෑම රෝගයකටම ගුණදායකයි. ආහාර ජීර්ණ පද්ධතියේ අක්‍රමිකතා මඟහරවන්න වගේම ආමාශගත පිළිකා අවදානම වළක්වන්නත් රට ඉඳි ඉතාමත්ම ගුණදායකයි.

මෙහිදී විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණක් තමයි දියවැඩියා රෝගීන්ට රට ඉඳි වැඩි වශයෙන් ආහාරයට ගැනීම නම් සුදුසු නැහැ. ඒ පිළිබඳ සැලකිලිමත් වීමත් වැදගත්. රට ඉඳිවල පවතින පෝෂණ ගුණය ගත් විට ඉතා දුර්ලභ පෝෂණ ගුණ රැසකින් මේ ඖෂධය සමන්විතයි. විටමින්, කැල්සියම්, යකඩ, පොටෑසියම්, පොස්පරස් සහ කොපර් වැනි නිරෝගී දිවියකට අවශ්‍ය අති දුර්ලභ පෝෂ්‍ය පදාර්ථ ඖෂධීය පලතුරේ අන්තර්ගතයි. රට ඉඳිවල කැල්සියම් වැනි අනර්ඝතම පෝෂණ ගුණයන් අඩංගු නිසා එමඟින් ශරීරයේ අස්ථි ශක්තිමත් වෙනවා. බොහෝ දෙනකුට වයසත් සමඟ අස්ථි දිරාපත් වීම සිදු වෙනවා. එයට බාහිරව විවිධ කැල්සියම් ගන්නවට වඩා රට ඉඳි ආහාරයට ගැනීම යෝග්‍යයි. නමුත් දියවැඩියා රෝගය පවතින අයට මෙය නිර්දේශ කරන්න බැරි රට ඉඳිවල අධික ලෙස සීනි අඩංගු නිසයි.

සමහර පුද්ගලයන් ඉන්නවා ශරීරයේ බර ගොඩක් අඩුයි. එහෙම නැතිනම් ගොඩක් කෙට්ටුයි. බර වැඩි කර ගන්නත්, ඇඟ මහත් කර ගන්නත් රට ඉඳි ඉතාමත්ම ගුණදායක ඔසුවක්. දිනකට රට ඉඳි මදුළු 07ක් ආහාරයට ගන්නවා නම් එහෙමත් නැති නම් රට ඉඳි ඇට ඉවත් කරල මදුළු 07ක පමණ ප්‍රමාණයක් එළකිරිත් එක්ක දිනපතා බොනව නම් ශරීරයේ බර වැඩි කර ගන්නත්, ශරීරය මහත් කර ගන්නත් පුළුවන්.

ඒ වගේම කාර්යබහුලව රැකියා කරන කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම මුහුණපෑමට සිදුවන ගැටලුවක් තමයි ශාරීරික සහ මානසික වෙහෙසකාරී බව. එවන් පුද්ගලයන් දිනපතා රට ඉඳි මදුළු කිහිපයක් ආහාරයට ගන්නව නම් ඒ ගතිය මඟහැරෙනවා.

හෘදයාබාධ කියන්නේ අද වන විට සමාජයේ මුල් බැසගත් වේදනාකාරී අර්බුදයක්. වැලැඳුණු හෘදයාබාධ සුව කරන්නත්, හෘදයාබාධ වැලැඳීමේ අවදානම නැති කරන්නත් සුදුසුම ඔෟෂධීය ආහාරයක් තමයි රට ඉඳි. සතියකට දෙවරක් වත් රට ඉඳි මදුළු කිහිපයක් ආහාරයට ගැනීමෙන් වැලඳුණු හෘදයාබාධ සුවතට ගන්නත්, හෘදයාබාධ වැලැඳීමේ ප්‍රවණතාව මඟහරවන්නත් පුළුවන්. ඒ වගේම අංශභාගය දක්වා ඇතිවන බලපෑමත් රට ඉඳි කෑමෙන් වළක්වා ගන්න පුළුවන්.

ශරීරයට ඇතුළු වන විවිධ විස වර්ග නැති කරන්නත් රට ඉඳිවලට පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් බොහෝ දෙනෙක් හිතාමතාම ශරීරයට ඇතුළු කර ගන්නා මද්‍යසාර විස නිසා අක්මාවේ රෝග ඇතිවනවා. මානසික විකෘතිතා ඇති වෙනවා. එවන් රෝගීන්ට ආයුර්වේදයේ අගනා ඔෟෂධයක් නිර්දේශ කර තිබෙනවා. එය නමින් ”ඛර්ජුරාදි මන්තය” ලෙසින් හඳුන්වනවා. අධික ලෙස මත් වුණු අයගේ මත් බව නැති කරන්නත්, අක්මා රෝග සුවපත් කරන්නත් මේ ඔෟෂධය ඉතා ගුණදායකයි. ඛර්ජුරාදී මන්තය සාදාගන්නෙ මෙහෙමයි. ඇට ඉවත් කරන ලද රට ඉඳි, දෙළුම් ඇට, මුද්දරප්පලම්, රට ගොරකා මද (කහ පැහැති ගොරකා මද), සියඹලා, නෙල්ලි, උගුරැස්ස සමව ගෙන හොඳින් කපා ඒ වගේ හතර ගුණයක් වතුර මිශ්‍ර කර හොඳින් බ්ලෙන්ඩර් කරන්න. බ්ලෙන්ඩර් කර හොඳින් පෙරා අධික මත් බවින් ඉන්න අයට ඒ පානය (ඛර්ජුරාදි මන්තය) බොන්න දෙන්න. ඉක්මනින් වෙරි මත බහිනවා. බීම නිසා අක්මාවේ ඇතිවුණු විස තත්ත්වයන් මඟහරවන්නත් මේ රසවත් ඖෂධීය පානය ගුණදායකයි. නමුත් එකක් මතක තබා ගත යුතුයි. මද්‍යසාර බිබී ඛර්ජුරාදි මන්තය පානය කිරීමෙන් නම් කිසිම පලක් වෙන්නෙ නැහැ. මද්‍යසාර වෙනුවට ඛර්ජුරාදි මන්තය බොන්න. එය ශරීර සෞඛ්‍යයටත් හොඳයි. හානිදායකත් නැහැ.

පිළිකා නාශක ගුණයක් පවා රට ඉඳිවලට ලැබී ඇත්තේ මෙය ස්වාභාවික ශාකසාර ඖෂධයක් නිසයි. මේ ශාකසාර ඔෟෂධීය ගුණ නිසාම සම පැහැපත් කරන්නත් සම නිරෝගී කරන්නත් රට ඉඳි ඉතාමත් ගුණදායක ඖෂධයක්. පැහැපත් සමක් ලබන්න ඔබ කළ යුත්තේ දිනකට රට ඉඳි මදුළු හතක් බැගින් දිනපතාම රට ඉඳි ආහාරයට ගැනීම පමණයි. සති කිහිපයකදී ඔබට ඔබේ සමේ පැහැදිලි වෙනසක් අත්විඳින්න පුළුවන් වේවි.

හිසරුජාව, ආහාර අරුචිය ආදී විවිධ අවස්ථා නිසා ඇතැම් විට වමනය තත්ත්වයන් හට ගන්න පුළුවන්. එවන් අවස්ථාවකදී රට ඉඳි මදුළු කිහිපයක් අරගෙන ඇට ඉවත් කර මුට්ටියකට දමා එයට වතුර කෝප්ප හතරක් මිශ්‍ර කර පත එකට සිඳුවා හොඳින් පෙරා බීමට ගන්න. වමනය යෑම වළක්වන්න වගේම මේ ඔෟෂධීය කෂාය බඩඑළිය යෑම වළක්වන්නත් ගුණදායකයි.

විජලනය හෙවත් ශරීරයේ ජලය නැති වීමේ රෝගය වැළැක්වීමටත් රට ඉඳි ගුණදායකයි. සිරුරේ තෙතමනයක් නැති වීම හරහා මෙම තත්ත්වය හට ගන්න පුළුවන්. එවන් රෝගීන් දිනපතා රට ඉඳි ආහාරයක් ලෙස ගන්නව නම් විජලනයෙන් මිදෙන්න පුළුවන්. ඒ වගේම කුඩා දරුවන්ටත්, ගැබිනි මාතාවන්ටත් මෙය හොඳ ඔෟෂධයක්. දරු ප්‍රසූතියකට සූදානම් වන ගැබිනි මවුවරුන්ගේ ගර්භාෂ මාංස පේශි ශක්තිමත් කිරීමට දිනපතා රට ඉඳි කෑම හරහා පුළුවන්. ඒ වගේම දරු ප්‍රසූතියකින් පසුව මවුවරුන්ගේ කිරි වර්ධනය කරගන්නත් රට ඉඳි ආහාරයට ගැනීම ගුණදායකයි.

තද අව්වක ගියොත් බොහෝ දෙනකුට හිසරදයක් හට ගන්නවා. සමහර විට ආහාර ක්‍රමවේදයේ ගැටලු නිසාත් මෙවන් තත්ත්ව ඇති වෙනවා. මේ වගේ අවස්ථාවකදී උළුහාල් ස්වල්පයකට වතුර පත හතරක් දමා එය පත එකක් වන සේ සිඳගෙන කෂාය සාදා ගන්න. ඒ කෂායට රට ඉඳි මදුළු කිහිපයක් තළා දමා (ඇට ඉවත් කර) හොඳින් මිශ්‍ර කර බීමට ගන්න. හිස රුජාවට මේ ඔෟෂධීය පානය ඉතාමත්ම ගුණදායකයි.

දෙබර, බඹර, මී මැසි වැනි සත්ත්ව දෂ්ටනවලදී රට ඉඳි ඇට හොඳින් කුඩු කර ඒ දෂ්ටනය වුණු ස්ථානයේ ගාන්න. එමඟින් විෂ නාශනය වීමක් වෙනවා. ඒ වගේම රට ඉඳි ඇට වියළා කබලේ බැද (කෝපි ඇට මෙන්) හොඳින් කුඩු කර දිනපතා උදේ සවස කෝපි වගේ බීමෙන් පෙර සඳහන් කළ සෑම රෝගයකටම සුවයක් ලබන්නත්, රෝග වැලඳීමේ අවදානම නැති කරන්නත් එයින් පුළුවන්. ඒ වගේම මේ ඔෟෂධීය පානය ඉතාම රසවත්. සන්ධි ආශ්‍රිත වේදනා ඇති අයටත් මේ පානය හොඳ වේදනා නාශකයක්.

මුත්‍රා පිට නොවීම, මුත්‍රා දැවිල්ල වගේ ආසාදන නිසා අද සමාජයේ බොහෝ දෙනෙක් අපහසුතාවට පත්ව සිටිනවා. එවන් පුද්ගලයන් හොඳින් උණු කර නටවා ගත් වතුර වීදුරුවකට රට ඉඳි මදුළු අටක් වගේ තළා දාලා බොන්න. හොඳින් මුත්‍රා පිටවෙන්නත්, මුත්‍රා දැවිල්ල සමනය වෙන්නත්, වකුගඩු මුත්‍රා ගල් දියවීමටත් එය ගුණදායකයි.

ඛර්ජුර; එහෙම නැතිනම් රට ඉඳිවලින් ඉන්දියාවේ අගනා ඖෂධයක් නිෂ්පාදනය කරනවා. එහි නම ”වාරුනී”. මේ බෙහෙත අරිෂ්ට, ආසව වගේ බෙහෙතක්. විවිධ රෝගාබාධවලට ප්‍රතිකාරයක් ලෙස භාවිත කරනවා. තවත් වැදගත්ම කරුණක් තමයි තල් සහ රට ඉඳි මඟින් සාදාගත් ඖෂධීය පානයක් අතීතයේ මෙරට රජවරු පවා පානය කළ බවට ආයුර්වේද ග්‍රන්ථ සාක්ෂි දරනවා. තල් ගෙඩියේ පිට පොත්තෙන් ලබා ගන්නා ඉස්ම සහ රට ඉඳි පැසවලා තමයි මේ ඖෂධීය පානය සාදන්න පුළුවන්. පීනස, බඩ පිපුම, දරන්න බැරි ආර්තව වේදනාවටත් මෙය ඉතාම කදිමයි. අතීතයේ රජවරු පවා පානය කළ මේ ඔෟෂධීය පානය වර්තමානයේ ඉන්දියාවේ සාදන ”වාරුනී” ඔෟෂධය විය හැකි බවට සාධක පවතිනවා. වාරුනී කියන්නේ ආහාර රුචිය වැඩි කිරීමටත් භාවිත කරන ඖෂධයක්.

මෙතෙක් වේලා අපි කතා කළේ රට ඉඳි ඖෂධය ගැන. නමුත් ලංකාවෙ හැදෙන භූමි ඛර්ජුරි හෙවත් ලංකා ඉඳි පලතුරක් ඖෂධීය ගුණ සපිරි ශාකයක්. ලංකාවටම පමණක් ආවේණික ඉඳි ගහෙන් රා මැදීම සිදු කරනවා. මෙය ”රා” කී පමණින් මත් වීමට පෙරන රා වර්ගයක් කියා නම් සිතන්නට එපා. ඇත්තටම ඉඳි ගහෙන් පෙරන රා ශරීරයට ජවය, ශක්තිය ලබා දෙන ඔෟෂධීය පානයක්. ඒ වගේම මුත්‍රා පිට කිරීම වැඩි කරන්නත් මේ පානයට පුළුවන්. ඉඳි ගහේ කඳින් කපා තමයි රා පෙරීම සිදු කරන්නේ. අතීතයේ බොහෝ දෙනෙක් කාය ශක්තිය ලබන්නත් මේ ඔෟෂධීය පානය භාවිත කර තිබෙනවා.

අතීතයේ වගේම වර්තමානයෙත් සර්ප දෂ්ටනයකට ලක්වී සර්ප විෂ ශරීර ගත වී සිහිය නැති වුණු අයගේ සිහිය ලබා ගන්න බෙහෙත් ඔරු භාවිත කරනවා. ඒ බෙහෙත් ඔරුවලට ලංකා ඉඳි ගහේ ගොබ භාවිත කරනවා. එයට හේතුව තමයි සර්ප විෂ විනාශ කරන්න පුළුවන් සුවිශේෂී ඖෂධීය රසායන ගුණයක් මේ ඉඳි ශාකයේ පැවැතීම. ඒ වගේම ස්ත්‍රීන්ගේ ඇතිවන ආර්තව, රක්තප්‍රදර වැනි තත්ත්වවලදී ඉඳි බඩ (ඉඳි ගසේ ගොබ) අඹරා කල්කයක් ලෙස භාවිත කළොත් ඒ වේදනාවන්ගෙන් මිදෙන්නත් පුළුවන්. එය හඳුන්වන්නේ ”ඉඳබොඩ කල්කය” නමින්. ඒ වගේම පුරුෂයන්ගේ පෞරුෂ ග්‍රන්ථිය ඉදිමීමේ රෝග අවස්ථාවලදී ඉඳි බඩ යුෂ සමඟ වෙළෙඳපොළ් ඇති වජ්රශාර ඔෟෂධය පානය කළොත් ඒ රෝග තත්ත්වයෙන් මිදෙන්නත් පුළුවන්. වජ්රශාර කියන්නේ ර්ණී.ර්ථී.ච්. මට්ටමෙන් ගන්න පුළුවන් ලුණු වගේ ඖෂධයක්.

විවිධ උල්, කටු සහ කීරි වැනි දෑ කකුලෙ ඇනුණම අපිට දැනෙන්නෙ දැරිය නොහැකි වේදනාවක්. සමහර විට එය පැසවීමක් දක්වා දුර ඇදෙන්නත් පුළුවන්. එවන් කටුවක්, උලක් වැනි යමක් කකුලෙ ඇනුණොත් පෙරුම්කායන් සමඟ ඉඳි බඩ අඹරා ඒ ද්‍රාවණය උල ඇනුණ ස්ථානයේ ආලේප කරන්න. කිහිපවිටක් මෙය ආලේප කළොත් කටුව මතුපිටට ඇදී ඒමක් වෙනවා. තුවාලය ඉක්මනින් සුව කිරීමටත් එය ගුණදායකයි.

ඒ වගේම දත් කැක්කුම, දත් පණුවො කෑම, විදුරුමස් දියවීම ආදී මුඛාශි්‍රත රෝග සුව කරන්න කදිම ඔසුවක් තමයි ඉඳි ගසේ මුල් කියන්නේ. ඔබ කළ යුත්තේ ඉඳි මුල් තම්බා එමඟින් කට සේදීම පමණයි. දින කිහිපයක් මෙය කළොත් මුඛාශ්‍රිත රෝග සියල්ලක්ම සුවතට පත් වේවි.

ඒ වගේම උණ වැනි රෝග තත්ත්වවලදී කොතෙක් කෑම ගත්තත් කටට රස දැනෙන්නෙ නැහැ. කෑම අරුචියත් දැනෙනවා වැඩියි. එවන් අවස්ථාවලදී ඉඳි ගෙඩි සහ මුද්දරප්පලම් හොඳින් අඹරා කල්කයක් සාදාගෙන කටේ තබාගෙන ඉස්ම ගිලින්න. ඉන් පසු මොහොතකින් කෑම කන්න. කෑමවල රහ දැනෙනවා වගේම ඔබට ආහාර රුචියත් එමඟින් වැඩිවෙනවා.

ආයුර්වේදයේ ඉඳි යොදා සාදන තවත් කල්කයක් පවතිනවා. එහි නම ”ෂෂ්ටිකාදි ගුටිකාව”. මේ කල්කය එළකිරිත් සමඟ ආහාරයට ගත්තොත් වයසට යෑම පමා කරන්නත්, වයසට වඩා තරුණ පෙනුමක් ලබන්නත් පුළුවන්. සම රැලි වැටීම, කෙස් ඉදීම, ඇස් ගිලීම ආදී වයසට යෑමේ පූර්ව ලක්ෂණ මෙමඟින් පමා කරනවා. ෂෂ්ටිකාදි ගුටිකාව ඔෟෂධය ඔබට වෙළෙඳපොළෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම රට ඉඳි තළා කල්කයක් වගේ ආහාරයට ගෙන මොහොතකට පසු හැටදාඇල් හාල් බත් කන්න. දිනපතා මේ ආහාරය ගත්තොත් එමඟිනුත් ඔබට වයසට වඩා තරුණ පෙනුමක් ලබන්න පුළුවන්.

ආයුර්වේදයේ ”මධුර ත්‍රිපලා” නමැති කාණ්ඩය යටතට අයත් අගනා ඖෂධයක් වන රට ඉඳි සහ දේශීය ඉඳි විවිධ කෂාය, අරිෂ්ට සහ ආසව වර්ග සෑදීමට නැතිවම බැරි ඔෟෂධයක්. ශරීරය පුෂ්ටිමත් කිරීමට, කෑම රුචිය වැඩිවීමට සහ අජීර්ණය වැනි රෝග සුව කිරීමට ර්ණී.ර්ථී.ච්. මට්ටමින් පවතින ”ඛර්ජුරාසවය”, ”ඛර්ජුරාදි ලේහය” ආදී ඔෟෂධ රැසක මේ අගනා රට ඉඳි ඖෂධය අන්තර්ගතයි.

ඒ වගේම කාර්යබහුලව රැකියා කරන කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම මුහුණපෑමට සිදුවන ගැටලුවක් තමයි ශාරීරික සහ මානසික වෙහෙසකාරී බව. එවන් පුද්ගලයන් දිනපතා රට ඉඳි මදුළු කිහිපයක් ආහාරයට ගන්නව නම් ඒ ගතිය මඟහැරෙනවා.



Source --  http://www.elakiri.com/forum/showthread.php?t=1683304

Sunday, June 21, 2015

Life Story Of Arnold Schwarzenegger- Part 6




Part 6








මට මේ Kurt කියන කෙනාගේ සාර්ථකත්වයත් එක්ක හොඳ පෙළඹවීමක්  හිතුනා .ඒත් මට ඒකෙන් හිතුන අමුතුම දෙයක් තමයි ඇයි මේ කෙනා කන්නාඩි දාගෙන ඉන්නෙ කියන එක.ඒ කන්නාඩි හරියට පල්ලියෙ ඉන්න ෆාදර් කෙනෙක් සර් කෙනෙක් දාන වර්ගයේ ඒවා .ඒ ෆොටෝ එකේ තිබ්බේ Kurt  බෙන්ච් එකක නිදාගෙන එයාගේ පපුව උඩ ලොකු  බරක් තියාගෙන ඒත් අර කන්නාඩි  දෙක දාගෙන .මම පින්තුරේ දිහා බලාගෙන කල්පනා කලේ කොහොමද මේ ඉගෙන ගත්ත ප්‍රොෆෙසර් කෙනෙක් වගේ කෙනෙක් කිලෝ 190 පපුවට උඩින් උස්සගෙන ඉන්නෙ කියන එක .ඒක තමයි මම මගේ රචනාවේ ලිව්වෙ .
රචනාව ලිව්වට පස්සෙ අපි එක පන්තිය ඉස්සරහට ගිහින් කියවන්න උනා.මම රචනාව කිව්වම පන්තියෙම ලමයි මට හිනා උනා.ඒත් මම කල්පනා කලේ මිනිහෙක් මෙච්චර උගත් ඒ වගේම ශක්තිමත් කෙනෙක් වෙන්නෙ කොහොමද කියන එක .



ආර්නෝල්ඩ් කර්ට් මානුවල්  සමග  




මම ගෑනු ලමයින්ට කැමති වෙන්න ගත්ත නිසා මම කලින්ටත් වැඩිය මගේ ඇග ගැන හොදට සැලකිලිමත් උනා.මම ක්‍රීඩකයන්ගේ ඇඟවල් හොදට අධ්‍යයනය  කලා .කොහොමද ඒ අය සෙල්ලම් කරන්නෙ කොහොමද ඒ අයගෙ ඇඟවල් ක්‍රීඩාවට පාවිච්චි කරන්නේ කියලා .අවුරුද්දකට කලින් ඒ මොනවත්ම නෙමෙයි හැබැයි  දැන් ඒක තමයි හැම දේම .

පාසල ඉවර උනාට පස්සෙ අපි Thalersee පාර්ක් එකට ගියා .ඒක තමයි අපේ නිවාඩු කාලය පටන් ගන්න එකේ පාටි එක වගේ එක .ඒකට පස්සෙ අපි නිතරම වගේ පාර්ක් එකට ගියා .අපි ඒකේ පාපන්දු සෙල්ලම් කලා,මඩ වලින් ගහගත්තා .විලේ පීනුවා  ඒ වගේම මට ඉක්මනටම අලුත් යාලුවෝ ටිකක් හදාගන්න පුලුවන් උනා .හැබැයි ඒඅය ඔක්කොම වගේ බොක්සින් ක්‍රීඩකයො,රෙස්ලින්ග් ක්‍රීඩකයො ,ඒ වගේම අනිත් ක්‍රීඩකයො වගේ අය .මීට කලින් නිවාඩු කාලෙදි මට  ලයිෆ්  ගාර්ඩ් කෙනෙක්ව අදුනගන්න ලැබුනා .ඔහු  Willi Richer, ඔහු එයාගේ සහයකයා වගේ වැඩ කරන්න ඉඩ දුන්නා , විලී  හොද ක්‍රීඩකයෙක් .ඔහු වැඩ කරන්නේ නැති වෙලාවට මම ඔහුත් එක්ක ඉන්නවා .ඔහු ජිම් එක වගේ පාවිච්චි කලේ පාර්ක් එක .ඔහු චින් අප් ව්‍යායාමය කලේ ගස් වල එල්ලිලා .ස්කොට් ව්‍යායාම ඩිෆ්ස් ගැහුවෙ දූවිලි ගොඩේ .ඔහු පාර්ක් එකේ පාරවල් දිගේ දිව්වා .එක පාරක් ඔහු  මට බයිසෙප් එක පෝස් කරලා පෙන්නුවා ඇත්තටම  ඒක හොදටම තිබ්බා .

විලීගේහොඳ  යාලුවෝ දෙන්නෙක් හිටියා හොඳටම ඇඟ හදපු දෙන්නෙක් .අයියයි මල්ලියි .එක්කෙනෙක් විශ්වවිද්‍යාලයට යන කෙනෙක් අනිත් කෙනා ටිකක් බාල කෙනෙක්.එයාලා බර උසුලන ක්‍රීඩාව කරන අය .මම එයාලව හම්බෙන්න යනකොට ඒ දෙන්නා හිටියේ එකට ට්‍රේනින් කර කර .එයාලා ඇහුවා මට උත්සහ කරලා බලන්න ඕනෙ නම් ඒ අවශ්‍ය දේවල් ඔක්කොම කියල දෙන්නම් කියලා .අපි ආපහු විලී චින් අප්ස් ගහන්න 
පුරුදු වෙලා හිටපු ගහ ලගට ගියා .එතනදි එක්කෙනෙක් මගෙන් ඇහුවා ඇයි ඔයා නිකන් ට්‍රයි එකක් දාලා බලන්නේ නැත්තේ කියලා .මට ඒ ගහේ අත්ත අල්ලගෙන දෙපාරයි උඩට ඉස්සෙන්න පුලුවන් උනේ .mමගේ  අත් හයිය නැති නිසා මාව ලිස්සලා ගියා .විලී මට කිව්වා මේ නිවාඩු කාලෙම මට පුරුදු උනොත් ඒ ගහේ අනිවාර්‍යයෙන්ම චින් අප්ස් ව්‍යායාමය 10 සැරයකට වඩා කරන්න පුලුවන් වෙයි කියලා.ඒ වගේම මගේ ලැට් මසල් එක දෙපැත්තෙන්ම සෙන්ටිමීටර් එක ගානෙ ලොකු වෙයි කියලා .ඇත්තටම මට ඒක දැනුනෙ මන් ගැන කරපු වර්ණනාවක්  වගේ .ලැට් මසල් එක කියන්නෙ උරහිස් පතු වලට පහල තියන මසල් එක.මම පුදුම උනා එක ව්‍යායාමයකට මෙච්චර දේවල් කරන්න පුලුවන් කියලා .ඒ දවසින් පස්සෙ මම විලී එක්ක හැමදාම පාර්ක් එකේ ව්‍යායාම කරන්න පටන් ගත්තා .




Monday, June 15, 2015

Life Story Of Arnold Schwarzenegger- Part 5












බොඩි බිල්ඩින්ග් කරන අපි දන්නවා ආර්නොල්ඩ් ස්වාසනෙගර්  කියන්නේ කවුද කියලා.ආර්නොල්ඩ් ස්වාසනෙගර්  කියන්නේ බොඩිබිල්ඩින්ග් ඉතිහාසයේ Legend එකක් .මේ කොටස් වශයෙන් පලවෙන ඔහුගේ ජීවිත කතාවයි


Part 5


Hauptschule වල ඉන්න අන්තිම අවුරුද්දේ මට හොදටම මතක දේ තමයි බිම පාත් වෙලා කකුල් දෙකෙන් කන් වහගන්න එක .පරමාණු බෝම්බේ දැම්මට පස්සේ  තමයි මේ වැඩේ ගොඩක් කරන්න උනේ.සයිරන් එක ගැහුවට පස්සෙ අපේ පොත් වහලා ඩෙස් එක යටට රින්ගලා ඔලුව කකුල් දෙක අස්සෙන් තද කරලා තියාගෙන ඇස් පියාගෙන ඉන්න ඕනෙ.ඕනම පොඩි ලමයෙක් උනත් දන්නවා ඒක මහ එපාකරපු වැඩක් කියලා .

1961 ජූනි මාසෙදි අපි ටීවී එකේ ඇලිල වියෙනා සමුලුව බල බල හිටියෙ .ඒ ඇමරිකාවේ ජෝන් එෆ්  කෙනඩිත් එක්ක සෝවියට් වල නිකිතා කරුශ්චෙව් කරපු සාකච්ඡා බලන්න .අපේ ගමේ බොහොම පොඩ්ඩ දෙනාටයි ගෙදර ටීවී තිබුනේ .ඒත් අපි Graz වල Lendplatz කියන තැන තියන ටීවී විකුනන කඩයක් ගැන දැනගෙන හිටියා .ඒකේ ටීවී දෙකක් නිතරම ජනේලේ ලඟ තිබුනේ .ඉතින් අපි මොකක් හරි ආරංචි උන ගමන් දුවලා ගිහින් පාරේ ඉඳන් ටීවී එක බලනවා .අපි ජීව්ත් උනේ සටන්කාමී පරිසරයක .හැම වෙලේම ඇමරිකාවයි රුසියාවයි  හැම දේටම එකිනෙකාට වැරැද්ද පටවන්න කතා කලා .ඒ හැම වෙලාවෙම අපි හිතුවෙ අපි ඉවරයි කියලා .

මේ කාලයේදී අපි ගොඩක් ආතතියට ලක් වෙලා හිටියේ .මාත් එක්ක අපේ පන්ති කාමරයේ හිටපු අනිත්  පිරිමි ලමයි  30 දෙනාටත්  යුද්දයක් ඕන උනේ නෑ .අපි යුද්දයට වඩා අවදානයෙක් හිටියෙ කෙල්ලො ගැන .ගැහැනු ලමයි ඉගෙන ගත්තේ අනිත් බිල්ඩින්  එකේ නිසා අපිට එයාලව දකින්න පුලුවන් උනේ උදේට පන්තියට යනකොට විතරයි .ඒ ඔක්කොම ලමයි අපේ ගමේ  ඉන්න කට්ටිය .ඒත් එක පාරටම අපිට ඒ ලමයි පිටසක්වලින් ආවා වගේ පෙනුනේ .අපිට මුලින්ම තිබ්බ ප්‍රශ්නය තමයි අපි කොහොමද එයාලත් එක්ක කතාකරනේ කියන එක.අපිට දැනුනා අපි නිකන් සෙක්ස්  නිසා ඒ  පැත්තට ඇදෙනවා වගේ .හැබැයි  ඒ කැමැත්ත අපි එලියට දැම්මේ  ගෑනු ලමයි ඉගෙනගන්න යද්දී එයාලට හිම බෝල වලින් ගහන එක .එදා උදේම අපිට තිබ්බෙ  ගනන් පන්තිය  .ඒ පන්තියෙ හිටපු සර් අපි කරපු එක දැකලා තිබ්බ .අපි එතකොට 
හොදටම බය වෙලා හිටියෙ.මොකද ඒ සර් එක දවසක් කෙන්ති ගිහින් මගෙ යාලුවෙක්ගෙ දතක් කැඩෙන්න ගහලා තිබ්බ නිසා .එයා ඇහුවා ඔයාලට ඕනේ අර ගෑනු ලමයි කැමති කරගන්නද  කියලා.අපි එතකොට ඔක්කොම බිම බලාගත්තා .එතකොට ඔහු කිව්වා  විරුද්ධ ලිංගිකයන්ට ආකර්ශනය වෙන එක මේ වයසෙදි සාමන්‍ය දෙයක් කියලා .ඊලගට ඔයාලට උවමනා වෙනවා ඒ කෙල්ලන්ව ඉඹින්න  .ඊට පස්සෙ බදාගන්න .හරි ඒක නෙමෙයිද  ඔයාලට ඕනේ කියලා ඇහුවා .ආපහු  කට්ටිය බිම බලාගත්තා ,සර් ආපහු කතාකරන්න ගත්තා .එයා ඇහුවා ගෑනු ලමයෙක්ට කැමතියි කියලා කියන්න හිම බෝල පාවිච්චි කරන්න කිව්වෙ කවුද කියලා ,මම නම් ඒ කාලේ කලේ මුලින්ම කෙල්ලොන්ව වර්ණනා  කරලා කිස් කරලා ඒ වගේම එයාලට හොද විදිහට දැනෙන්න බදාගෙන ඉදලා කියලා .අපේ පන්තියේ ගොඩක් අයගෙ තාත්තලා මේ වගේ කතාවක් අපිත් එක්ක කරලා නෑ .ඒකෙන් අපි දැනගත්තා කෙල්ලෙක් ඕනේ නම් මුලින්ම කතාකරලා බලන්න ඕනේ කියන එක .අපි ඒක නිසා පන්තියෙ සර් කියපු ඒවා හොඳට   මතක තියා ගත්තා .


පන්තියෙඅන්තිම සතියෙ තියන රචනා ලියන එකෙන් තමයි මගෙ මුලු ජීවිතේම වෙනස් වෙන්න පටන් ගත්තෙ .ඒ රචනා ලියන එක තිබ්බෙ එක මුලින්ම තෝරගන්න පස් දෙනෙක් අතරෙ පත්තරයක් බෙදලා දීලා .අපිට කරන්න තිබ්බෙ පත්තරේ තියන ඕනම ලිපියක් හරි තමන් කැමති ෆොටෝ එකක් හරි ගැන  රචනාවක් ලියන්න .මේ පාර මම තමයි පත්තරේ තෝර ගත්තේ ඒක නිසා පන්තියෙ සර් මට  ක්‍රීඩා පිටුව දුන්නා .එකේ තිබ්බා ෆොටෝ එකක් Mr.Austria තරගයේ වීරයා වෙන Kurt marnul ෆොටෝ එකක් .එයා ඒ තරගයෙන් දිනලා තිබ්බෙ කිලෝ 190 දාලා  Bnech press ව්‍යායාමය කරලා .

Saturday, June 13, 2015

Life Story Of Arnold Schwarzenegger- Part 4



















බොඩි බිල්ඩින්ග් කරන අපි දන්නවා ආර්නොල්ඩ් ස්වාසනෙගර්  කියන්නේ කවුද කියලා.ආර්නොල්ඩ් ස්වාසනෙගර්  කියන්නේ බොඩිබිල්ඩින්ග් ඉතිහාසයේ Legend එකක් .මේ කොටස් වශයෙන් පලවෙන ඔහුගේ ජීවිත කතාවයි 

Part 4

කලින් සිද්ද උන දේවල් නිසා මගේ හීනේ ආපහු මතු උනා .මම විශෙශ කෙනෙක් ,මට ලොකු දෙවල් කරන්න පුලුවන් කියලා මගේ හිතට මමම  අවබෝධ කෙරෙව්වා.මට හැම දෙයකින්ම හොඳම දේ කරන්න උවමනා උනා .මට ප්‍රසිද්ධ වෙන්න උවමනා උනා.ඒ කාලේ ඇමරිකාව තමයි ලෝකේ බලවත්ම රට උනේ .ඉතින් මට එහෙට ගියොත් 
මට ප්‍රසිද්ධ වෙන්න පුලුවන් කියලා නිතරම මට හිතුනා .ඒත් අවුරුදු 10 ලමයෙක්ට හීන තියනවා කියන එක සාමන්‍ය දෙයක් .මට මතකයි දවසක් මන් බස් හෝල්ට් එකේ ඉන්න මට වඩා වැඩිමල් ගෑනු ලමයෙක්ට මම කවදා හරි ඇමරිකා යනවා කියලා.එයා එකට දුන්න උත්තරේ ඔවු ආර්නොල්ඩ් අනිවාර්යයෙන්ම කියන එක විතරයි .මම ඇමරිකාව ගැන 
කතාකරන කොට ලමයි හිතුවේ මාම හරි අමුතු කෙනෙක් කියලා .ඒත් මම නැවතුනේ නෑ ඇමරිකාව ගැන මගේ හිතේ තිබ්බ දේවල් මම දෙමව්පියන් එක්ක .ගුරුවරු එක්ක අසල්වාසින් එක්ක නිතරම කතාකලා .

Meinhard ට  වයස 14 පිරුනට පස්සෙ එයාට ගේ එච්ච්ර ඇල්ලුවේ නෑ .ඔහු සැරින් සැරේ ගෙදරින් යන්න පටන් ගත්තා.එයා ගෙදරින් යන්න හදද්දී ඇදුම් ටිකයි  පාසල් බෑග් එකයි ලෑස්ති කරලා මට කියනවා ,මම හිතන්නේ මට ආපහු ගෙදරින් යන්න කාලේ ඇවිත් මේ ගැන  කාටවත් කියන්න එපා කියලා.ඊට පස්සෙ ඔහු අතුරුදහන් වෙනවා .ඊට පස්සෙ අම්මට පිස්සු හැදෙන්නේ නැති ටික විතරයි .තාත්තා වටේ තියන පොලිසි වලට කෝල් කර කර Meinhard ව හොයන්න කියනවා .ඒක තමයි පොලිසියේ වැඩ කරන තාත්තා කෙනෙක්ට දනවන්න හොදම ක්‍රමය .
දවස් දෙක තුනකට පස්සෙ Meinhard ආපහු ගෙදර එනවා ,එතකම් එයා  ඉදලා තියෙන්නෙ එක්කෝ නෑදෑ කෙනෙක්ගේ ගෙදර නැත්නම් යලුවෙක්ගෙ ගෙදර .Meinhard ආවට පස්සෙ තාත්තා දන්නවා 
Meinhardදඬුවම් කරලා වැඩක් නෑ කියන එක .


මගේ අදහස උනේ මම ගෙදරින් යනවනම් මීට වඩා පිලිවෙලකට යන්න ඕනේ කියලා .මම පොඩි කාලේ ඉදලම තීරනය කරන් හිට්යෙ මගේම කියලා බිස්නස් එකකින් මගේම සල්ලි හොයාගන්න .මට ඕන ජොබ් එකක් කරන්න පුලුවන් කම තිබ්බා.සවලක් අරන් වලවල් හාරන්න උනත් මම තීරනය කලා .එක පාසල් නිවාඩු කාලයකදී අපේ ගමේ මනුස්සයෙක් මට වීදුරූ කර්මාන්ත ශාලාවක රැකියාවක් හොයලා දුන්නා .මට ඒකේ කරන්න තිබ්බෙ සවලකින් වීදුරු වීල් බැරෝවකට පටවන් ගිහින් වීදුරු උනු කරන මැශින් එකට හලන එක.දවස අවසානයේදී මට මගේ සල්ලි හම්බුනා .මේ පාසල් නිවාඩු කාලෙදි මට ආරන්චි උනා Graz වල ලී මෝලක  වැඩ තියනවා කියලා .මම මගේ පාසල් බෑග් එකත් අරගෙන තව බටර් ගාපු පාන් එකකුත් ගත්තා .ඊට පස්සෙ පාසල් ඉවර උනාට පස්සෙ මම ලී මෝලට ගියා .ගිහින් මම ලීමෝලේ අයිති කෙනාව ඇහුවම මාව එතනට එක්කගෙන ගියා.මම කිව්වා මට ජොබ් එකක් ඕනේ කියල එත්කොට අයිතිකෙනා ඇහුවා මගෙන් ඇහුවා 'ඒයි කොල්ලො වයස කීයද කියලා ',මම කිව්වා වයස 14 යි කියලා .එතකොට ලැබුන උත්තරේ උනේ ඔයා තාම මුකුත් ඉගෙනගෙනත් නෑනෙ කියන උත්තරේ .ඒත් මන් පසුබට උනේ නෑ .මන් කිව්වා මට ඕන දෙයක් කරන්න පුලුවන් කියලා.ඊට පස්සෙ ඔහූ මාව වැඩ කරන තැනට එක්ක ගෙන ගිහින් මාව එතන වැඩ කරන අයට අදුන්වලා දුන්නා .ඊට පස්සෙ එක තැනකට එකක්ගෙන ගිහින් කිව්වා මෙතන තමයි ඔයා වැඩ කරන්න යන්නේ කියලා .මට ලී මෝලෙදී කරන්න ලැබුන ජොබ් එක තමයි සවලකින් ට්‍රක් එකකට ලී කුඩු පටවන එක .මන් මුලු නිවාඩු කාලෙම වැඩ කලා .මම ලී මෝලෙන් අයින් වෙනකොට සිලිම් 1400 ක් හොයාගෙන තිබ්බා ඒ කියන්නේ ඩොලර් 55ප්‍රමාණයක් .ඒ කාලේ හැටියට ගොඩක්හොඳ මුදලක් .ඒකෙන් මට ආඩම්බර වෙන්න පුලුවන් උනේ ඔවුන් මට වැඩුනු මිනිහෙක්ට ගෙවන පඩිය ගෙවලා තිබ්බ නිසා . 


මට හම්බුන සල්ලි වලට මොනවද කරන්න ඕනේ කියලා මම දැනගෙන හිටියා .මම මේ වෙනකම් ඇන්දෙ Meinhard ඇදලා දෙන ඇදුම් විතරයි .
මට මගේම කියලා ඇඳුම් තිබිලා නෑ .ඒ කාලෙ මම පාසලේ පාපන්දු කන්ඩායමට බැදුන අලුත .ඒ කාලෙම තමයි අලුත්ම මෝස්තරයේ ට්‍රැක් සූට් එක හදුන්වලා දුන්නේ ,කලු දිග කලිසමයි ඒකටම හරියන මැදින් සිපර් එකක් දාපු ජැකට් එකයි.මම හිතුවේ මට ඒ ට්‍රැක් සූට් එකහොඳට ගැලපෙනවා කියලා.ඉතින් මන් ඒක ගෙදරින් ඉල්ලුවහම එයාලා කිව්වේ ඒක අත්‍යවශ්‍යම නෑ කියලා .මමසඟරාවක තිබ්බ ෆොටො එකක් පෙන්නුවත් උත්තරේ උනේ නෑ කියන එක .මගෙ සල්ලි වලින් මගෙම කියලා මුලින්ම ගත්තඇඳුම තමයි ඒ ට්‍රැක් සූට් එක .ඊට පස්සෙ ඉතුරු සල්ලි වලින් මම බයිසිකලයක් ගත්තා .මට ට්‍රැක් කිට් එක 
ගත්තට පස්සෙ අලුත් බයිසිකලයක් ගන්න සල්ලි මදි උනා.අපේ ගමේ වින්කලේ  ඉන්න මනුස්සයට කියලා පරන කෑලී දාලා බයිසිකලයක් හදා ගත්තා .මීට කලින් ගෙදර කාටවත් බයිසිකලයක් තිබිලා නෑ.මගේ එක තමයි මුල්ම බයිසිකලය .මගෙ බයිසිකලය පරන උනත් මගෙ නිදහසට ලැබුන රෝද දෙකක් උනා .


Friday, June 12, 2015

බයිසෙප් ව්‍යායාම වලදී සිදුවන වැරදි




බයිසෙප් ව්‍යායාම වලදී සිදුවන වැරදි 







බයිසෙප් කියන්න බොඩිබිල්ඩින් කරද්දී බැලන්ස් ,හැඩය උපරිම තියෙන්න ඕන මසල් එකක්.බයිසෙප් මසල්  එක ට්ර්යි සෙප් මසල් ඒ වගේම ෆෝර් ආර්ම් මසල් එකෙන් තමයි අතක් හැදිලා තියෙන්නෙ .මේ ලිපියෙන් මම කතා කරන්නේ ආර්ම් එකට ව්‍යායාම කරද්දී ගොඩක් ජිම් වල ඒ වගේම ගොඩක් අය කරන වැරදි කිහිපයක් .මුලින්ම කියන්න ඕනෙ හැමොගෙම බයිසෙප් එක වගේ නෙමෙයි .සමහරුන්ගෙ කොට බයිසෙප් එකක් තියෙන්නෙ .තවත් සමහරුන්ගෙ දිග බයිසෙප් එකක් තියෙන්නෙ .එතකොට තවත් සමහරුන්ගෙ බයිසෙප් එක උසයි.සමහර අයගෙ කොටයි .ඒ වගේම බයිසෙප් එකේ ඝනකමේ  වෙනස් කම් තියනවා . 




දැන් අපි බලමු මොනවද ආර්ම් ව්‍යායාම කරද්දී වැරදි මොනවද කියන එක .


පලවෙනි වැරැද්ද.

බාර්බෙල් කර්ල් ව්‍යායාමය කරද්දී ගොඩක්  අය කරන වැරැද්ද තමයි ගැම්ම ගන්න පොඩ්ඩක් ඉස්සරහට  නැවිලා බාර්  එක උස්සන එක .එහෙම කරන එකෙන් වෙන්නෙ කොන්දේ යට කොටසට 
තමයි බර වැටෙන්නෙ .එහෙම කරන එකෙන් බයිසෙප් එක හරියට ඇදීමට ලක්වෙන්නෙ නැති නිසා බයිසෙප් එකේ පහල කොටසට හරියට ව්‍යායාම වෙන්නේ නෑ .ඒ වගේම ටික කාලයක් යද්දී 
කොන්දේ අමාරුවත් හැදෙන්න ගන්නවා .




නිවැරදි ක්‍රමය 

මෙන්න මේ විදිහ තමයි හරි  ක්‍රමය .මුලින්ම තමන්ට උස්සන්න පුලුවන් බරක් ගන්න .දැන් කොන්ද කෙලින් තියාගෙන අත හොදට ඇදෙන්න පහතට තියාගන්න .අත් දෙන ඇගට ලන්  කරලා තියාගන්න .
දැන් අත් දෙකෙන් බාර්  එක උස්සන්න .කොන්දෙන් නෙමෙයි,ඒ වගේම උරහිසෙනුත් නෙමෙයි  .බාර් එක උරහිසේ මට්ටමට උස්සන්න .ආපහුබාර් එක පහත් කරද්දී  වැනෙන්නේ නැතුව බාර් එක පහත් කරන්න .





දෙවනි වැරැද්ද.

මේ ජාතියේ ව්‍යායාමයක් මන් දැකලා නම් නෑ.ඒත් කරන කෙනෙක් ගෙන් ඇහුවම කියන්නේ ඒ ව්‍යායාමය කරන්නේ බයිසෙප් එකට කියලා.ඒක සම්පූර්නයෙන්ම වැරදියි .මෙහෙම ව්‍යායාමයක් නෑ .
පහල තියන පින්තූරය බැලුවහම තේරෙනවා ඇති මේ ව්‍යායාමය කරද්දී මොන මසල් එකද වැඩ කරන්නේ කියලා .මේ විදිහට ව්‍යායාම කරද්දී එන ප්‍රශ්නය තමයි වැලමිටි දෙක ඉස්සරහට කරනකොට ඒ බර සම්පූර්නයෙන්ම යන්නෙ උරහිසේ ඉස්සරහ කොටසට .ඒකෙන් බයිසෙප් එකට ව්‍යායාමයක් නැති උනත් උරහිසේ ඉදිරියටනම් ව්‍යායාමයක් වෙනවා .ඒ වගේම මේ ව්‍යායාමය කරන එකෙන් වෙන තවත් දෙයක් තමයි වැලමිටි දෙක ඇගට ලගින් නැති නිසා බාර් එක පහත් කරද්දී සම්පුර්න බර අපේ ඇගේ තියන ජොයින්ට් වලට බලපාන එක .






ඒ වගේම තමයි ඩම්බෙල් කර්ල් ව්‍යායාමය කරද්දී පුලුවන්නම් පිටිපස්සට හෙත්තු වෙන්න පුලුවන් බෙන්ච් එකක් හොයාගන්න .ඒකෙන් හරියට බර උස්සන්න පුලුවන් .ඒ වගේම බාර් එකෙන් වගේම ඩම්බෙල් එකෙන් බර උස්සනවනම් බර උස්සනමොනම වෙලාවකවත් බාර් එක දිහා බලන්න එපා .ඒ වෙලාවට බෙල්ලෙ නහරයක් ඇදුනනම් ආපහු  සෙල්ලම් කරලත් ඉවරයි .



බයිසෙප් එකේ තියන ඔලු දෙකට ව්‍යායාම කිරීම (Biceps Head Workout)




ජිම් එකට ගියහම ගොඩක් අය දැකලා ඇති සමහරු දිග බාර් එකෙන් සෙල්ලම් කරනවා .සමහරු කොට බාර් එකෙන් සෙල්ලම් කරනවා.හොදට බැලුවොත් ඔයාලට බලාගන්න පුලුවන් ඒකෙ බාර් එකේ අල්ලන තැන් දෙකක් කියලා .දිග බාර් එකෙන් ටිකක් ඈතින් ඇල්ලුවත්  කොට බාර් එකෙන් අල්ලන්න වෙන්නෙ ලගින් .අපි බලමු එහෙම ව්‍යායාම කරහම බයිසෙප් කොහෙටද ව්‍යායාම වෙන්නේ කියලා .


දිග බාර් එකකින් උරහිසේ ප්‍රමානයට බාර් එක අල්ලගන්න එක තමයි සාමන්‍ය බාර්බෙල් කර්ල් එක කියන්නේ .උරහිසේ ප්‍රමාණයට අගල්  2 ක් විතර අල්ලලා ව්‍යායාම කරහම  බයිසෙප් මසල් එකේ ඇතුල් පැත්තට තමයි ව්‍යායාම වෙන්නෙ .ගොඩක් ලගින් නෙමෙයි ,අගල් දෙකක් විතර ඇතුලට වෙන්න ඇල්ලුවහම ඇති .




දිග බාර් එකකින් උරහිස ්ප්‍රමාණයට අගල් 2ක්  විතර එළියෙන්  අල්ලලා සෙල්ලම් කලහම බයිසෙප්  එකේ ඇතුපැත්තට  ව්‍යායාම වෙනවා .මේ ව්‍යායාමය කරන්න දිග බාර් එකක්ම ඕනේ නෑ .





Posted in

Thursday, June 11, 2015

Life Story Of Arnold Schwarzenegger- Part 3












බොඩි බිල්ඩින්ග් කරන අපි දන්නවා ආර්නොල්ඩ් ස්වාසනෙගර්  කියන්නේ කවුද කියලා.ආර්නොල්ඩ් ස්වාසනෙගර්  කියන්නේ බොඩිබිල්ඩින්ග් ඉතිහාසයේ Legend එකක් .මේ කොටස් වශයෙන් පලවෙන ඔහුගේ ජීවිත කතාවයි .


Part 3


1956 දි සෝවියට් හමුදාව හන්ගේරියන් යුද්දය පැරැද්දුවට පස්සේ තාත්තා තමයි අපේ ප්‍රදේශයට මිනිස්සු සිය ගානක් පරිස්සමට ගේන්න බාරගත්තෙ.ඔහු ඒ මිනිස්සුන්ට ඉන්න කෑම්ප් එකක් පවා හදලා යන්න ඕන මිනිස්සුන්ටත් උදව් කලා .සමහරෙකුට කැනඩාවට යන්න උවමනා කලා.තවත් සමහරුන්ට ඔස්ට්‍රියාවෙ ඉන්න උවමනා කලා .ඒත් සමස්තයක් විදිහට ගත්තම ගොඩ දෙනෙක්ට ඇමරිකාවට යන්න උවමනා වෙලා තිබ්බා .


----------


අපි ලෝකය ගැන ගොඩක් ඉගෙනගත්තේ Nonstop Kino කියන   Graz නගරය මැද තියන ෆිල්ම් හෝල් එකෙන්.මුලින්ම ඒකේ පෙන්නුවේ ලෝකය පුරා තියන ආරංචි  ජර්මන් වලින් හඬ කවලා.ඒවා පැය ගානක් තිස්සේ දවස පුරාම පෙන්නුවා .මුලින්ම නිව්ස් පෙන්නුවත් පස්සෙ කාලෙදි මිකී මවුස් තවත් කාටූන් පෙන්නුවා අන්තිමේදි  සින්දු එහෙමත් පෙන්නනන්න පටන් ගත්තා .Nonstop එකේ තියන එකක් බලන්න සිලින් කීපයක් විතරයි යන්නේ.මට ඒවා වලින් හොදටම මතක  ඇමරිකාවේ චිත්‍රපට වල පෙන්නපු කාර් ,ජෙට් ලයිනර් ,සුපිරි තරු වගේ දේවල්.මොන දේ පෙන්නුවත් ඒවා කෙලින්ම මගේ මොලේ හරහා ගියා .

ඇමරිකාවේ හදපු ෆිල්ම් හොදටම හදලා තිබ්බා .මමයි  මගේ සහෝදරයයි මුලින්ම බලපු ෆිල්ම් එක උනේ ජොනි වෙස්මුලර් රඟපාපු ටාසන් කියන එක.ඒකේ තිබ්බ විදිහට ටාසන් ගහෙන් ගහට පැන පැන යන එක එතකොට චිම්පන්සි එක්ක කතාකරන විදිහ ඇත්ත විදිහටම හදලා තිබ්බා .මම හිතුවේ මට ගැලපෙනම ජීවීතේ ඒක කියලා .අපි දෙන්නා ඒ ෆිල්ම් එක කීප සැරයක්ම බැලුවා .Thalersee පාර්ක් එකේ අයිස් ක්‍රීම් විකුනලා තමයි මන් ෆිල්ම් බලන්න සල්ලි හොයාගත්තේ . ඒ පාර්ක් එකේ තිබ්බා ලොකු  විලක් ඒකට මිනිස්සු ඇවිත් පීනනවා.සමහරු  අව්ව තපිනවා .හවස් වෙද්දි ඒ අය අයිස් ක්‍රීම් විකුනන තැන පෝලිමට ඉන්නවා  .ඒක දැකලා තමයි මට  අයිස්ක්‍රීම් විකුනන්න හිතුනේ .මම සිලිමකට අයිස් ක්‍රීම් කෝන් අරගෙන විල  වටේ ඇවිද ඇවිද එක අයිස් ක්‍රීම් එකක් සිලිම් 3 ගානේ විකුනුවා .





Thalersee පාර්ක්



සමහර දවස්  වලට මම හවස් වෙද්දි සිලින් 150 ක් විතර හොයාගෙන තිබ්බා.කාලයක් යද්දී අයිස් ක්‍රීම් විකුනපු එක 
අනිත් අයත් කරන්න ගත්ත නිසා මම බංකොලොත්  උනා.බංකොලොත්  වෙලා ඉන්න  එක මට හරි ගියේ නැති නිසා මම සල්ලි හොයාගන්න වෙන දෙයක් කල්පනා කලා.මම පාසල් ඇරිලා ආවට පස්සෙ Graz වල ප්‍රධාන  වීදියට වෙලා ටිකක් සල්ලි තියන මැදි වයසෙ මිනිහෙක් ,විශ්ව විද්‍යාල යන කෙනෙක් නැත්නම් ගැහැනු කෙනෙක් එනකම් ඉන්නවා .

එහෙම කෙනෙක් එනකොටම මන් දුක හිතෙන මූනක් හදාගෙන ගිහින් ඒ කෙනාට කියනවා සමාවෙන්න කරදර කලාට මගෙ බස් එකේ පාස් එකයි මගේ සල්ලියි නැතිවෙලා .මට ගෙදර යන්න ඔනෙ මට උදව් කරනවද කියලා ,කිසි දෙයක් පරිසම් කරගන්න බැරි කෙනෙක් කියලා මුලින්ම  බැන්නත් පස්සෙ කොච්චරක් යනවද කියල අහනවා .එතකොට මම කියනවා සිලිම් පහක් යනවා කියලා .එතකොට ඒ ගෑනු කෙනා සිල්ම් පහක් මට දෙනවා.මන් ඒ හැමෝගෙන්ම ගෙදර ඇඩ්‍රස් එක 
ඉල්ලනවා ආපහු සල්ලි ගෙවන්න.ඒත් කවුරුත් මට ඇඩ්‍රස් එක දීලා නෑ .ඒ සෙල්ලමත් නැවතුනේ තාත්තා ගේ යාලුවේක් මාව දැකලා ගෙදරට ගිහින් කියලා තිබ්බ නිසා.එදා මන් ගෙදරින් හොදටම බැනුම් ඇහුවා .ඒ වගේම ගුටිත් කෑවා .

Life Story Of Arnold Schwarzenegger- Part 2












බොඩි බිල්ඩින්ග් කරන අපි දන්නවා ආර්නොල්ඩ් ස්වාසනෙගර්  කියන්නේ කවුද කියලා.ආර්නොල්ඩ් ස්වාසනෙගර්  කියන්නේ බොඩිබිල්ඩින්ග් ඉතිහාසයේ Legend එකක් .මේ කොටස් වශයෙන් පලවෙන ඔහුගේ ජීවිත කතාවයි .


Part 2



පින්තාරු වලටයි ඒ වගේම පරන බඩු වලටයි තාත්තා ගොඩක් කැමති උනා .ඒත් ඒවා ගොඩක් ගනන් නිසා ඒවා අපිට සුපිරි අයිතම උනා.අපේ ගෙදරට පූසෝ සහ සංගීතය ජීවය ගෙනාවා .අම්මා සින්දු කියමින් සිතාරය වැයුවා .ඒත් තාත්තා තමයි නියම සංගීත කාරයා උනේ .ඔහුට ඕනම නලා වර්ගයක් වාදනය කරන්න හැකි උනා .ඒ වගේම ඔහු සින්දු ලිව්වා ,සන්ගේත  අධ්‍යක්ෂණය  කලා ඒ වගේම පොලීසීයෙ වාදන කන්ඩායමෙත් හිටියා .ප්‍රාන්තයේ කොහේ පොලිස් නිලධාරියෙක් මිය ගියත් තාත්තා ඔහුගේ වාදන කන්ඩායමත් රැගෙන එහි ගියා .තාත්තාගෙ පැත්තෙන් ගොඩක් අයට ඒ සංගීත හැකියාව තිබුනා .හැබැයි මටයි මගෙ සහෝදරයටයි ඒ හැකියාව තිබුනේ නෑ .

අපිට බල්ලොන්ට වැඩිය පුසෝ හිටියේ ඇයි කියලා තාමත් මට ශුවර් නෑ .සමහර විට අම්මා උන්ව හැදුවේ වියදම අඩු නිසා වෙන්න පුලුවන්.මොකද උන්ගෙ කෑම උන්ම හොයාගන්න නිසා අපිට කෑම 
දෙන්න උනේ නෑ .ඒත් අපේ ගෙදර පුසෝ ගොඩක් හිටියා .උන් කොච්චර හොද දඩයක්කාරයෝ ද කියලා අපිට පෙන්නුවෙ අට්ටාලේ උඩ තිබ්බ මී කුනු වලින් .අපෙ ගෙදර පූසො හත් දෙනෙක් හිටියා .ඒත් පූසෙක් ගොඩක් අසනීප වෙලා හරි වයසට ගිහින් මැරෙන්න ලං  උනහම තාත්තා කරන්නේ ඒ පූසව ගේ පිටිපස්සට අරගෙන ගිහින් වෙඩි තියලා මරලා දාන එක .මම ඒ වගේම අම්මා මගෙ සහෝදරයා ඒ වෙලාවට තාත්තගෙ තුවක්කුවේ වෙඩි සද්දෙ ඇහෙනකම් ඉන්නවා .වෙඩි සද්දෙ ඇහුන ගමන් අපි කරන්නෙ ගිහින් වලක් කපලා පුසව වලදාලා උගේ වල උඩින් කුරුසයක් හිටවන එක.


යුද්දෙට පස්සෙ අපෙ දෙමව්පියන්ගෙ ලොකුම බලපොරොත්තුව උනේ අපිව පරිස්සමට එක තැනක තියන්න .මට කම්මැලි වෙලාවට මම තාත්තට කියනවා මට යුද්දෙ ගැන කියන්න කියලා.මං  එහෙම කියන හැම වෙලේම තාත්තා කියන්නේ ඒ ගැන කතාකරන්න දෙයක් නෑ කියලා .තාත්තගේ ජීවිතේට හැම වෙලේම ආදර්ශය උනේ  හික්මීම කියන එක.අපිට තිබුනා ඉතාමත් තද ක්‍රියාවලියක් මොනම හේතුවක් මතවත් වෙනස් කරන්න බැරි උන එකක් .අපි උදේ 6 ටඅනිවාර්යයෙන් නැගිටින්න ඕනේ .නැගිට්ටට පස්සෙ මම හරි  සහෝදරයා හරි ගිහින් අනිත් ෆාම් එකෙන් කිරි ගෙන්න ඕනේ උදේට බොන්න .අපිට අපේ උදේ කෑම ගන්න කලින් Sit-ups ව්‍යායාමය අනිවාර්යයෙන් කරන්න වෙනවා ඒ වගේම හවස ගෙදර වැඩ කරලා ඉවර උනාට පස්සෙ කාලගුණය මොන වගේ උනත් අපිට පාපන්දු පුහුනු වෙන්න වෙනවා .අපි හරියට සෙල්ලම් කලේ නැතිඋනොත් අපි දන්නවා අපිට බැනුම් අහන්න වෙනවා කියලා.ඒක නිසා අපිත් මොන දේ උනත් හවසට පාපන්දු පුහුනු වෙන එක නැවැත්තුවේ නෑ .

කාලයක් යද්දී මගෙ සහෝදරයා ඉගෙන ගන්න පැත්තට බර උනා .ඔහු පාසල් යනකොට සුදු ශර්ට් අදින්න පුරුදු උනා .ඒ වගේම එයාගේ අත් දෙකේ කුනු ගාගන්න එයා කැමති උනේ නෑ .ඒත් මට මගේ අත් දෙකෙ කුනු ගෑවෙනවට ගැටලුවක් උනේ නෑ .මගෙන් දෙමව්පියන් අහද්දී  ඔයා අනාගතයේදී ඔයා වෙන්න කැමති වඩුකාර්මිකයෙක්ද නැත්නම් මෝටර් රථ  කාර්මිකයෙක් වෙන්නද කියලා.නැත්නම් තාත්තා වගේ පොලිස් නිලධාරියෙක් වෙන්නද කියලා .ඒත් මගේ හිතට ආපු පලවෙනිම අදහස උනේ  ඇමරිකාවට යන්න ඕනේ කියන එක .සමහර විට පාසල් පොතේ තිබ්බ  ඇමරිකාව ගැන විස්තර දැකලා වෙන්න ඇති .ඒ වගේම පාසලේ තිබ්බ ප්‍රොජෙක්ටරෙන් පෙන්නපු වීඩියෝ නිසා වෙන්න ඇති .1957 දී මායි මගෙ සහෝදරයයි  Hauptschule නගරයේ තියන පාසලට යන්න පටන් ගත්තා .අපේ ගමත් එක්ක බැලුවහම ඒ නගරය බෝහොම විශාල නිතරම කාර් වලින් පිරුන ඒ වගේම පේමන්ට් තියන පාරවල් තිබුන නගරයක් .

අපිට ඇමරිකාව ඉතාම වැදගත් උනේ අපේ ආරක්ශව සදහා .ඔස්ට්‍රියාවේ නිතර පවතින සීතලයුද්ධය නිසා හැම තැනකම වගේ ප්‍රචන්ඩත්වය පැතිරිලා තිබුනේ .එක අවතාවකදි තාත්තට සිද්ද උනා ගෙදර ඉදලා මිනිස්සු ආරක්ශා කරන්න හැතැප්ම 55 එහා තියන හන්ගේරියන් දේශ සීමාවට යන්න . 

























Tuesday, June 9, 2015

Introducing Arm





Introducing Arm







අතේ ඇති පේශි වර්ග 

ප්‍රධාන  වශයෙන් අපේ  අතේ ප්‍රධාන  පේශී වර්ග 3 ක් තියෙනවා .

1.Biceps Brachii - බයිසෙප් එක 
2.Tricesd Brachii.ට්‍රයි සෙප් එක 
3.Forearm-ෆොර් ආර්ම් 



Biceps Brachii - බයිසෙප් එක




මෙය උරහිසට පහලින් හා වැලමිට අතර තියන දෙකට බෙදුනු පේශියකි .

මුලික ක්‍රියාවලිය- අත එසවීම හා අත ඇතුල් පෙදෙසට නැවීමට දිග හැරීමට උදව් වීම .



Tricesd Brachii.ට්‍රයි සෙප් එක





මෙය උරහිසට හා වැලමිටට බැදී පවතින හිස් තුනක් ඇති පේශියකි .මෙය බයිසෙප් මසල් එකට විරුද්ද  දිශාවෙන් නැතහොත් අත පිටුපස පිහිටයි .

මුලික ක්‍රියාවලිය- අත කෙලින් කිරීමේදී හා අත පිටුපසට නැවීමේදී උදව් කරයි .



Forearm-ෆොර් ආර්ම්




මෙය විවිධ ආකාරයේ පේශි කිහිපයක් එකතු වූ තැනකි .

මුලික ක්‍රියාවලිය- මෙම පේශී එකතුවෙන් අල්ල උඩ පහල කිරීම .මැනික් කටුව කරකැවීම යන ක්‍රියාවලි  වලට උදව් කරයි .


මුලින්ම ආර්ම් එක කියන්නේ බොඩි බිල්ඩර් කෙනෙක්ගෙ තවත් ඉතාමත්ම වැදගත් අංගයක් .අපි දැන්   බලමු අත්වලට තියන ව්‍යායාම මොනවද කියලා .

1.Standing Barbell Curls(ස්ටෑන්ඩින්ග් බාර්බෙල් කර්ල්ස් ) 
2.Arm Blaster Curls(ආර්ම් බ්ලාස්ටර් කර්ල්ස් )
3.Cheat Curls(චීට් කර්ල්ස් )
4.Preacher Curls(ප්‍රීචර් කර්ල්ස් )
5.3-Part Curls(21S) (ත්‍රීපාර්ට්ස්  කර්ල්ස්)
6.Incline Dumbbel Curls(ඉන්ක්ලයින් ඩම්බෙල් කර්ල්ස්)
7.Seated Dumbbell Curls(සීටඩ්  ඩම්බෙල් කර්ල්ස් )
8.Hammer Curls(හැමර් කර්ල්ස්)
9.Alternate Dumbbel Curls(ඕල්ට්ර්නේට් ඩම්බෙල් කර්ල්ස්)
10.Concentration Curls(කොන්සට්‍රෙශන් කර්ල්ස්)
11.Lying Dumbbel Curls (ලයින්ග් ඩම්බෙල් කර්ල්ස්)
12.Two hand Cable Curls(ටු හෑන්ඩ් කේබල් කර්ල්ස්)
13.Cable Curls With Preacher Bench( කේබල් කර්ල්ස් විත් ප්‍රීචර් බෙන්ච් )
14.Revers Curls(රිවර්ස් කර්ල්ස්)
15.Revers Preacher Bench Curls(රිවර්ස් ප්‍රීචර් බෙන්ච් කර්ල්ස්)
16.Machine Curls(මැශින් කර්ල්ස්)

Life Story Of Arnold Schwarzenegger- Part 1










බොඩි බිල්ඩින්ග් කරන අපි දන්නවා ආර්නොල්ඩ් ස්වාසනෙගර්  කියන්නේ කවුද කියලා.ආර්නොල්ඩ් ස්වාසනෙගර්  කියන්නේ බොඩිබිල්ඩින්ග් ඉතිහාසයේ Legend එකක් .මේ කොටස් වශයෙන් පලවෙන ඔහුගේ ජීවිත කතාවයි .



 ඕස්ට්‍රියාවෙන් පිටතට  --  පලවෙනි කොටස 


මම ඉපදුනේ සාගතය තිබුන අවුරුද්දක  .ඒ 1947. ඒ  කාලේ හිට්ලර් ගේ රාජදානිය පරද්දන්න ආපු මිත්‍ර හමුදා ඔස්ට්‍රියාවේ පිරිලා හිටියේ .මම ඉපදෙන්න මාස දෙකකට කලින් වියෙනා වලයි  ස්ටයිරියා වලයි මිනිස්සු බඩගින්න නිසා පාරට බැහැලා කලබල කරලා තිබ්බා .ඒ නගර වලට ගිනිකොන දිශාවෙන් තිබ්බ අපේ ගමෙත් වෙලා තිබ්බේ ඒ ටිකම තමයි .අවුරුදු ගානකට පස්සේ  මට කන්න දෙන්න අම්මයි තාත්තයි මහන්සි උන විදිහ අම්මා නිතරම මට මතක් කලා.සමහර විට බටර් පොඩ්ඩක් ඒ වගේම සහල් ,සීනී ටිකක් හොයාගන්න ගෙදර ඉදලා දවස් 3 ක පමන දුර ගොවිපලවල් වලට ගිහින් තියනවා .

තාල් කියන්නේ අපේ ගම .ඒක සාම්ප්‍රදායික ගොවිපලවල් තියන ගමක් .මුලු ගමේම හිටියේ පවුල් 400 කටත් අඩු ප්‍රමාණයක්  .අපේ ගෙවල් සහ අපේ ගොවිපලවල් එකට සම්බන්ධ වෙලා තිබ්බේ අඩිපාරවල් වලින් හා පටු මාර්ග වලින් .ඒ වගේම Gasthaus inn එක තමයි  ගමේ තිබ්බ එකම සමාජ ශාලාව .අපි බ්‍රිතානය  සොල්දාදුවන් බොහොම පොඩි ප්‍රමාණයක්  තමයි දැකලා තිබ්බේ ,ඒත් ඉදලා හිටලා අපේ ගම  අතරින් ගිය ට්‍රක් එකක හිටපු පිරිසක් විතරයි.ඒත් ගමේ නැගෙනහිර  පැත්ත අයිති වෙලා තිබ්බේ රුසියන් හමුදාවට ඒක නිසා අපි ඒ අයගෙන් බොහොම පරිස්සම් වෙලා හිටියේ .සීතල  යුද්ධය පටන් ගත්තට පස්සේ අපි ගොඩක් බයෙන් හිටියෙ මොනව වෙලාවක හරි රුසියන් යුද්ධ ටැංකියක්  ඇවිත් අපේ ගම විනාශ කරයි කියලා .ඒ  පල්ලියෙන් අපිට කියලා තිබ්බ බය හිතෙන කතා නිසා.ඒ රුසියන් හමුදාව අම්මලගෙ  අතේ ඉන්න  පොඩි ලමයින්ටත් වෙඩි තියනවා කියලා කිව්ව නිසා .

අපේ ගේ තිබ්බේ ප්‍රධාන පාරට මායිම් වෙලා කන්දක් උඩ.ඉතින් දවසකට කාර් එකක් දෙකක් දකින්න පුලුවන් උනා.ඒ වගේම අපේ ගෙදර ඉස්සර දොරට හරියටම යාර 100 දුරින් පරන ගරාවැටුන මාලිගාවක් තිබ්බා .ඒ වගේම අම්මා අපිව නිතරම පල්ලියේ ඉරිදට තියන මහා පූජාවට සහභාගි කරවනවමයි.

මට පරණම  මතකය වෙන්නේ  අම්මා රෙදි සෝදන එකයි තාත්තා ගල්අඟුරු ලිපට දාන එකයි .ඒ කාලෙදී මට වයස අවුරුදු 3 ක් වත් නැතුව ඇති .ඒ උනත් තාත්තගෙ මතකය තමයි මගේ හිතේ ගොඩක්ම කාවැදිලා තියන මතකය .තාත්තා ශරීර ප්‍රමාණයන් ලොකු ක්‍රීඩකයෙකුගේ පෙනුම තිබුන කෙනෙක් .ඒ වගේම තනියම වැඩ ගොඩක් කරන කෙනෙක් .හැම සරත් සමයකම  අපිට සීත කාලයට උනුසුම්ව ඉන්න ගල්අඟුරු ලැබෙනවා .හැබයි ට්‍රක් එකෙන්  එක දාලා යන්නේ අපේ මිදුල මැද්දෙ .ඒ ගල්අඟුරු කන්ද තාත්තා තනියම ගල්අඟුරු දාලා තියන කාමරයට අදිනවා .සමහර විට මටත් ඒ වගේම මගෙ අයියාටත් තාත්තා  උදව් කරන්න ඉඩදෙනවා . 





මගේ තාත්තගෙ නම Gustav Schwarzenegger,අම්මා  Aurelia Jadrny.මේ දෙන්නා විවාහ උනා 1945 දී  එතකොට  තාත්තගෙ වයස 38යි  අම්මට 23 යි .1946 මගෙ අයියා  Meinhard Schwarzenegger
ඉපදුනා .එතකොට 1947 මම ඉපදුනා .තාත්තා තාල් කියන අපේ ගමේ ආරක්ශකයෙන් විදිහට රැකියාව කලා.තාත්තාගේ පඩිය අපිට යන්තමින් ජීවත් වෙන්න ඇති උනා .ඒත් ඒ රැකියාව නිසා අපිට වන ආරක්ශක නිලධාරින් ගේ බංගලාවේ නවතින්න පුලුවන් උනා.අපි කලින් හිටපු ගෙදර බොහොම සුළු පහසුකම් සහිත ගලින් හා ගඩොල් වලින් බැදපු ගෙයක් .ඒ ගෙදර තිබ්බේ නිදන කාමර දෙකකුයි කුස්සියකුයි විතරයි .කුස්සියේ තමයි අපි කෑවේ ,සෙල්ලම් කලේ,ගෙදර වැඩ කලේ,ඒ වගේම නෑවේ .ඒ වගේම ගෙදර කිසිම  නල පද්ධතියක්  තිබ්බේ නෑ .ලගම  තියන ලිද තිබ්බෙත් හැතැප්ම කාලකටත් වැඩිය දුරින් .ගෙදර වතුර ඉවර උනහම කොච්චර මම හරි අයියා හරි ගිහින් වතුර ගෙන්න ඕනේ .කොච්චර වැස්සත් කොච්ච්ර හිම වැටුනත් වතුර ගේන්න යන්න ඕනේ .ඒක නිසා අපි සීත කාලෙදි පුලුවන් තරම් වතුර අඩුවෙන් පාවිච්චි කලා .නාන්න උනත් වතුර උනු කරහම මුලින්ම නාන්නේ අම්මා .ඊට පස්සෙ තාත්තා.අන්තිමට තමයි අපි දෙන්නට නාන්න ලැබෙන්නෙ .වතුර පොඩ්ඩක් කලු පාට උනත් අපි නාන්නේ අලුත් වතුර ගෙන්න ගොඩාක් සීතලේ යන්න වෙන නිසා .ඒ වගේම අපිට තිබුනා ගෘහ බාන්ඩ බොහොම සුලු ඒවා කීපයක් .ඒ වගේම විදුලි ලාම්පු කිහිපයක් විතරයි .